කෙන්යාවේ රිය අනතුරකින් 48ක් ජිවිතක්ෂයට

බටහිර කෙන්යාවේ කාර්ය බහුල මරගයකදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තිබෙනවා.

මංසන්ධියකදී ට්‍රක් රථයක් පාලනය කරගත නොහැකිව තවත් වාහන කිහිපයක සහ පදිකයින්ගේ ගැටීමෙන් අනතුර සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පුද්ගලයින් 30 දෙනෙකු බරපතල තුවාල ලබා විවිධ රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

මෑත වසරවල කෙන්යාවේ මාර්ගවල සිදුවූ වඩාත්ම මාරක අනතුර මෙය ලෙසටයි සැලකෙන්නේ.

පසුගිය වසරේ මධ්‍යම කෙන්යාවේ බස් රථයක් පාලමකින් ඉවතට පැන ගංගාවකට පෙරලීමෙන් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව මෑත වසරවලදී කෙන්යාවේ මාර්ගවල අනතුරු හමුවේ මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩි වී ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?