ඉන්දියාවේ අධිවේගී මාර්ගයක සිදුවූ බස් රථ අනතුරකින් 25 දෙනෙකු මියයයි

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක බස් රථ අනතුරක් සිදුවූ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මහරාෂ්ඨ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරින් කුඩා දරුවන් තුන්දෙනෙකු ඇතුලු 25 දෙනෙකු මියගොස් තිබෙනවා.

යාවත්මහල් සිට පූනේ බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය, බල්දානා ප්‍රදේශයේදී ටයරයක් පුපුරා ගොස් ආරක්ෂක බැම්මක ගැටී ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ

ගින්නට හසුවීමෙන් මෙම පිරිස මියගොස් තිබෙනවා,

රියදුරු ඇතුලු අටදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇත.