පොලිස් වෙඩිල්ලක් නිසා ප්‍රංශය නොසන්සුන්

පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මෝටර් රථයේ රියදුරු අසුනේ සිටි 17 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිද්ධියක් මුල් කරගනිමින් ප්‍රංශයේ පැරිස් නුවර විරෝධතා ආරම්භවී තිබේ.සිද්ධියත් සමග පැරිස් නුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක නොසන්සුන්කාරී තත්වයක් හටගෙන ඇති අතර විරෝධතාවල නිරත පිරිස් විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරද එල්ල කර ඇති බව වාර්තාවෙයි.

අදාළ පොලිස් නිලධාරියා එල්ල කළ වෙඩි ප්‍රහාරය තරුණයාගේ ළය ප්‍රදේශයට එල්ල වී තිබෙනවා.ඉන් බරපතල තුවාල ලැබූ තරුණයා එම ස්ථානයේම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෝටර් රථයේ සිටි රියදුරුට පොලිස් නිලධාරියෙකු ගිනි අවිය දිගු කරන ආකාරය සහ අනතුරුව ඔහුට වෙඩි තබන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමත් සමඟ පොලීසියට එරෙහිව පැරිස් අගනුවර විරෝධතා ක්‍රියාත්මක බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි සඳහන්.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී මෝටර් රථය තුළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සිට තිබෙනවා.වෙඩි තැබීමේදී එම එක් පුද්ගලයෙකු පලා ගොස් ඇති අතර අනෙක් පුද්ගලයාට සුළු තුවාල සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?