අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ගාලු පාරේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ ලංකා බැංකුව අතර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී මෙම ඝාතනය සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳන් කළේ.

මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථ රියදුරෙක් ලෙසට කටයුතු කරමින් සිටි අයෙක්.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති අතර ඝාතනයට ලක්වී ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශයේම පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.

අප වාර්තාකරු සඳහන් කළේ ත්‍රී රෝද රියේ පිටුපස තිබී පවාහන් දෙකක් ද සොයාගෙන ඇති බවයි.

පුද්ගලයන් දෙදෙනෙකු නංවාගෙන ගමන් කරමින් සිටි අතරතුර ත්‍රී රෝද රථය ලංකා බැංකු ඉදිරිපිට නතර කර යතුරුපැදියකින් පැමිණි දෙනෙකු රියදුරුට වෙඩි තබා ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

වෙඩි තැබීමෙන් පසු යතුරුපැදිකරුවන් පළා ගොස් ඇති අතර ත්‍රී රෝද රථයේ පිටුපස සිටි දෙදෙනාද පළා යන්නට ඇති බවට ද පොලිසිය සැක කරනවා.

වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැක කරන අතර පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07