එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් අනතුරු ගැන පුළුල් විමර්ශනයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සහ ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සදහා අදාළ ආයතනවලින් සාක්ෂි ලබා ගැනීමට ‘ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී’ තීරණය වී තිබෙනවා.

අමාත්‍ය රමේෂ් පතිරණගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව පළමුවරට රැස්වූ අවස්ථාවේදී යි ඉදිරි වැඩ කටයුතු පිළිබද මූලික කරුණු සාකච්ඡා කිරීම සිදු වූයේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධව සහ ඊට අදාළ නඩුපැවරීම, පරිසර හානිය සහ යම් දූෂණ වංචාවක් සිදුවූයේ ද යන්නත් මීට අදාළ කටයුතු කරන රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රගතිය පිළිබදවත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව කමිටු සභාපති රමේෂ් පතිරණ මහතා මෙහිදී ප්‍රකාශ කළා.

එසේම අනාගතයේ මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සහ එවැනි හදිසි තත්ත්වයකට මුහුණ දීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද නිර්දේශයන් ද මෙම කමිටුව ලබා දීමට කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.

තවද කමිටුවේ අවධානයට ලක්විය යුතු කරුණු පිළිබඳව මහජනතාවගේ අදහස් ලබා ගැනීමට සති දෙකක කාලයක් ලබාදීමටත් ඊට අදාළ පුවත්පත් දැන්වීම් පළ කිරීමටත් මෙහිදී තීරණය වුණා.

එසේම විශේෂ කාරක සභාව ලබන 27 වැනි අඟහරුවාදා පස්වරු 2ට නැවත රැස්වීමට තීරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15