spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් අනතුරු ගැන පුළුල් විමර්ශනයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සහ ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සදහා අදාළ ආයතනවලින් සාක්ෂි ලබා ගැනීමට ‘ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී’ තීරණය වී තිබෙනවා.

අමාත්‍ය රමේෂ් පතිරණගේ සභාපතීත්වයෙන් එම කාරක සභාව පළමුවරට රැස්වූ අවස්ථාවේදී යි ඉදිරි වැඩ කටයුතු පිළිබද මූලික කරුණු සාකච්ඡා කිරීම සිදු වූයේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධව සහ ඊට අදාළ නඩුපැවරීම, පරිසර හානිය සහ යම් දූෂණ වංචාවක් සිදුවූයේ ද යන්නත් මීට අදාළ කටයුතු කරන රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රගතිය පිළිබදවත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව කමිටු සභාපති රමේෂ් පතිරණ මහතා මෙහිදී ප්‍රකාශ කළා.

එසේම අනාගතයේ මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සහ එවැනි හදිසි තත්ත්වයකට මුහුණ දීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද නිර්දේශයන් ද මෙම කමිටුව ලබා දීමට කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.

තවද කමිටුවේ අවධානයට ලක්විය යුතු කරුණු පිළිබඳව මහජනතාවගේ අදහස් ලබා ගැනීමට සති දෙකක කාලයක් ලබාදීමටත් ඊට අදාළ පුවත්පත් දැන්වීම් පළ කිරීමටත් මෙහිදී තීරණය වුණා.

එසේම විශේෂ කාරක සභාව ලබන 27 වැනි අඟහරුවාදා පස්වරු 2ට නැවත රැස්වීමට තීරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?