පුද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන ලෙස දරුවන්ට පහසුකම සලසා දිය යුතුයි – අගමැති

රජයේ විශ්වවිද්‍යාලයන්ට පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන ආකාරයට දරුවන්ට පහසුකම සලසාදීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

තමන් අධ්‍යාපන අමාත්‍යවරයාව සිටිය දී එම අවස්ථාවන වැඩි කිරීමට පියවර ගත් බවත්, ඒ සම්බන්ධයෙන් වන ණය ක්‍රමයේ දැනට මතුව ඇති මුල්‍ය ගැටළු විසඳීමට රජය කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍යවරයා පවසා සිටියා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රශ්නයකට අද (23) පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබාදෙමින්.

උසස් අධ්‍යාපනය සඳහා උපාධි පාඨමාලා හැදෑරීමට රජය ක්‍රියාත්මක කරන පොළී රහිත ණය යෝජනා ක්‍රමයේ 2021/2022 කණ්ඩායම සඳහා ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් නිකුත් වී නොමැති බව පවසමින්, අදාළ ප්‍රශ්නය මතු කෙරුනා.

“විපක්ෂ නායකතුමා සඳහන් කරපු කාරණය සම්බන්ධව අධ්‍යාපන ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කලින් ද පැහැදිලි කළා, ප්‍රකාශ කළා. මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලය අවධානය අධ්‍යාපන අමාත්‍යතුමා විසින් ගෙනල්ලා මුදල් ප්‍රතිපාදන පිළිබඳ ගත යුතු ක්‍රියා මාර්ගය දැනට සාකච්ඡා කරලා ක්‍රියාත්මක වෙනවා. මම අධ්‍යාපන අමාත්‍යතුමා කාලයේ මම සිහිපත් කරන්න කැමතියි, බොහොම කෙටි කාලයක් ඒ කාලයේත් පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවකට මේ පහසුකම අපි දුන්නා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ. එවැනි ප්‍රමාණයන් වැඩි කිරීමට පියවර ගත්තා. ඒ නිසා මම හිතන්නේ ඉතාම වැදගත් මේ දරුවන්ට විශ්වවිද්‍යාලයට පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන අයට ඒ පහසුකම සලසා දීමට මූල්‍ය ක්‍රමයේ තිබෙන ගැටලු විසඳා ගනිමින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?