පාන් මිල අඩු නොවන හේතුව පහදයි – 10කින් අඩුකරන ලෙසට දැනුම්දීමක්

ඩොලරයට සාපේක්ෂව බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය වන අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ගණන් අඩු නොවීම හේතුවෙන් තම නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීම නොහැකි වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසනවා.

අද (18) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර තිරිඟු පිටි සමාගම්වලින් කිසියම් සහනයක් බේකරි හිමියන්ට ලැබෙනු ඇති බවට තමන් බලාපොරොත්තුවන බව ඔහු මෙහිදී පැවසුවා.

එලෙස පිටි සමාගම්වලින් සහනයක් ලැබුනහොත් පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ලබන බදාදා වනවිට අඩු කිරීමට හැකිවනු ඇති බවට සීයට අනූවක පමණ විශ්වාසයක් පවතින බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

මේ අතර රුපියල් 160කට පවතින පාන් රාත්තල සහ අනෙකුත් බේකරි නිෂ්පාදන රුපියල් 10කින් අඩු කිරීමට තම තීරණය වී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා.

මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා අද (18) මේ බව පැවසූ අතර, ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල කඩිනමින් රුපියල් 10කින් අඩුකළ යුතු බවට අදාළ අංශ වෙත දැනුම් දී ඇති බවයි ඔහු පවසා සිටියේ.

එමෙන්ම දේශිය තිරිඟු පිටි සමාගම් ඉදිරියේ දී තිරිඟු පිටි මිල වැඩි කිරීමක් සිදුකරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය ලබාගත යුතු බව ද වෙළෙඳ අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
9
+1
1
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03