දේශීය ණය ප්‍රශස්ත කිරීමේ ක්‍රියාවලිය තවමත් අවසන් නැහැ – වැඩබලන මුදල් ඇමති

දේශීය ණය ප්‍රශස්ත කිරීමේ ක්‍රියාවලිය තවමත් අවසන් කර නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

එමෙන්ම බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කිරීමට රජය පූර්ණ වශයෙන් කැපවී සිටින බවයි ඔහු පවසන්නේ.

ඒ, අනුව නිගමනයකින් තොරව සිදුකරන්නා වූ ප්‍රකාශ හේතුවෙන් සමපේක්ෂන වෙළඳපළ විශ්වාසය බිඳ වැටිය හැකි බවයි සදහන් කරන්නේ.

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ සම්බන්ධ වීමේ ප්‍රගතියක් ලබා ඇති බවයි අමාත්‍යවරයා එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ඒ, පිළිබඳ හිතකර එකඟතාවන්ට පැමිණීමට බලාපොරොත්තු වන බව ද වැඩබලන මුදල් අමාත්‍යවරයා පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46