AFC Banner
Empty Ad
Empty Ad

මැදිරිගිරියේ විවාහක කතකට වෙඩි පත්තු කළ අනියම් පෙම අල්ලයි

පොළොන්නරුව, මැදිරිගිරිය, මිරිස්හේන, ධීවර ගම්මාන ප්‍රදේශයේ දී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.

වෙඩි තැබීම සිදුකළ බව කියන්ස් සැකකරු ඊයේ (16) දින නීතිඥයෙකු මාර්ගයේ පොලිසියට භාරවීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු තිස්සපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයෙක්.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී වෙඩි තැබීම සඳහා භාවිතා කළ බෙහෙත් කොටන තුවක්කුව ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අද (170 දිනයේ දී සැකකරු හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනියම් සම්බන්ධතාවයක් මුල් කරගනිමින් 36 හැවිරිදි අදාළ කාන්තාවට සැකකරු විසින් පෙරේදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබුණා.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා විදුලිසැර වැදීමකින් මීට මාස 04කට පමණ පෙර මියගොස් ඇති අතර, ඒ් වන විටත් ඇයට වඩා වයසින් අඩු ලාබාල තරුණයකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එලෙස ලාබාල තරුණයා සමඟ සබඳතාව පවත්වන අතර තුර ඇය වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු බව කියන තිදරු පියා සමඟ ද අනියම් ඇසුරක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
17
+1
75
+1
11
+1
13
+1
8
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?