මැදිරිගිරියේ විවාහක කතකට වෙඩි පත්තු කළ අනියම් පෙම අල්ලයි

පොළොන්නරුව, මැදිරිගිරිය, මිරිස්හේන, ධීවර ගම්මාන ප්‍රදේශයේ දී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.

වෙඩි තැබීම සිදුකළ බව කියන්ස් සැකකරු ඊයේ (16) දින නීතිඥයෙකු මාර්ගයේ පොලිසියට භාරවීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු තිස්සපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයෙක්.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී වෙඩි තැබීම සඳහා භාවිතා කළ බෙහෙත් කොටන තුවක්කුව ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අද (170 දිනයේ දී සැකකරු හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනියම් සම්බන්ධතාවයක් මුල් කරගනිමින් 36 හැවිරිදි අදාළ කාන්තාවට සැකකරු විසින් පෙරේදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබුණා.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා විදුලිසැර වැදීමකින් මීට මාස 04කට පමණ පෙර මියගොස් ඇති අතර, ඒ් වන විටත් ඇයට වඩා වයසින් අඩු ලාබාල තරුණයකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එලෙස ලාබාල තරුණයා සමඟ සබඳතාව පවත්වන අතර තුර ඇය වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු බව කියන තිදරු පියා සමඟ ද අනියම් ඇසුරක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38