වතු නිවාස පේලියක ගින්නක් – වතු කම්කරුවන් 59ක් අවතැන්

රාගල පොලිස් වසමට අයත් රාගල වතු යායේ දෙවනි කොටසේ වතු නිවාස පේලියක අද (12) දින අලුයම හටගත් ගින්නකින් එම වතු නිවාස පේලියට අයත් නිවාස 14 ක් ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

අද (12) දින අලුයම 3 ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගොස් ඇති බවත්, පැතිර ගිය ගින්න එම වතු යායේ වතු කම්කරුවන් , රාගල පොලිසියේ නිලධාරින්,නුවරඑලිය තුන්වන සිංහ රෙජිමෙන්තුවේ භට පිරිස් එක්ව නිවා දැමිමට සමත් වි ඇත.

පැතිර ගිය ගින්නෙන් එම නිවාස වල පදිංචිව සිටි පවුල් 14 කට අයත් සමාජිකයන් 59 දෙනෙකු අවතැන් වි ඇති බවත් ,එම අවතැන් වුවන් මේ වන විට එම වතු යායේ කොවිලේ තාවකාලිකව නතර කර ඇති බවට සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

ගින්න හටගන්නා අවස්තාවේ නිවාස වල කිසිවෙක් නොසිටි බවත්, එම නිවාස වල පදිංචිකරුවන් ඊයේ (11) දින මහ ශිවරාත්‍රි දිනය හේතුවෙන් එම වතු යායේ කොවිලේ පැවති ශිව රාත්‍රි පුජාවන් වලට සහභාගි වි සිටි බව රාගල පොලිසිය කියා සිටියේය.

ගින්නෙන් එම නිවාස වල පදිංචිව සිටි පදිංචිකරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල ගින්නෙන් විනාශ වි ඇති අතර, ගින්නට හේතුව විදුලි කාන්දු විමක් බවට සැකකෙරේ.

ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත.

ගින්නෙන් අවතැන් වු වතු කම්කරු පවුල් සදහා වලපනේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය , වතු පාලන අධිකාරිය සහ රාජ්‍යය නොවන සංවිධාන කිහිපයක් එක්ව අවශ්‍යය මුලික පහසුකම් ලබාදිමට කටයුතු කර ඇති බව ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් පැවසිය.

ගින්න සම්බන්ධයෙන් රාගල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09