ශ්‍රී ලාංකිකයන් අතර සමේ පිළිකා අවදානම වැඩි වීමට හේතුව හෙළිවෙයි

ශ්‍රී ලාංකිකයන්ගේ සමේ වර්ණයත් සමඟ මෙලනීන්වලින් ඇති වන ආරක්‍ෂාව නිසා ස්භාවධර්මයෙන්ම සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව අඩු බව චර්ම රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍යවරු පවසනවා

එසේ වුවද මෑත කාලීනව බොහෝ දෙනා සම සුදු පැහැවීමට භාවිතා කරන ඇතැම් ඖෂධ සහ ආලේපන නිසා සමේ පිළිකා ඇතිවීමට බලපා ඇති බවයි ඔවුන් පවසන්නේ.

වර්තමාණයේදී ශ්‍රී ලාංකියන් අතර සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවයේ ඉහළ ගොස් ඇති බවයි චර්ම රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍යවරු පවසන්නේ.

ඇතැම් ආලේපන පිළිබඳ නිසි විමසීමකින් තොරව භාවිතයට ගන්නා හේතුව නිසා මේ තත්වය ඇතිවි තිබෙනවා.

වැඩි පිරිසක් සම සුදු පැහැ කරගැනීම සඳහා කිසිදු විමසා බැලීමකින් තොරව ඕනෑම ඖෂධයක් හෝ ආලේපනයක් භාවිත කිරීමේ ප්‍රවනතාවයක් රට තුළ පවතින බව ද වැඩි දුරටත් සඳහන්.