අස්වැසුමෙන් ජුලි මාසයේ සිට ලක්ෂ 80කට සහනාධාර

අස්වැසුම වැඩසටහන මගින් ජූලි මාසයේ සිට පවුල් ලක්ෂ 20කට අයත් පුද්ගලයන් ලක්ෂ 80කට අධික පිරිසකට සහන සැලසෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඊයේ (13) කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මෙම සහනාධාර ලැබීමට නුසුදුසු අය පිළිබඳව ද සොයා බැලීමක් සිදු කරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සියඹලාපිටිය මහතා…

රටේ ඇතිවුන සුවිශේෂී ආර්ථික ප්‍රශ්ණය නිසා ආර්ථික වර්ධන වේගය පසුගිය වසරේ 7.8% ඍන වුනා කියල ඒ කියන්නේ හැම අයකුගෙම ජීවනෝපාය දුර්වල වුණා. කඩා වැටුණා. යැපුම් මට්ටමේ හිටපු කෙනා ද්‍රරිද්‍රතා රේඛාව ආසන්නයේ හිටපු කෙනා ඉන් පහලට කඩා වැටුනා. ලක්ෂ 70 අධික පිරිසක් ද්‍රරිද්‍රතා රේඛාවෙන් පහලට වැටුන ජීවනෝපාය කරගන්න බැරි තැනට වැටුනා රජය මේක අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසා අස්වැසුම වැඩ සටහන ක්‍රියාත්මක කරන්නේ පවුල් ලක්ෂ 20 සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබා දෙන්න. පවුල් ලක්ෂ 20 ඒ කියන්නේ අපේ රටේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියන්නේ පවුලක සාමාජික සංඛ්‍යාව 3.8 කියල දල වශයෙන් පවුලකට 4 දෙනෙක්. ඒ කියන්නේ අපි පවුල් ලක්ෂ 20 සහනාධාර දෙනව කියන්නේ පුද්ගලයන් ලක්ෂ 80 දෙනව කියන එකයි. සාමාන්‍යයෙන් ලක්ෂ 80 එහා ගිය පිරිසකට අස්වැසු මගින් සහනාධාර දෙනව ජුලි මාසේ සිට. ඒ වගෙම මෙම සහනාධාර ලැබීමට නුසුදුසු අය පිළිබඳවත් සොයා බලනවා. ඒ සඳහා තොරතුරු සොයා බැලීම සඳහා සමාජ සුභ සාධන පණත ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව තොරතුරු දෙන්නා වගේම තොරතුරු ලබා ගන්නාද වගකීමට බැඳි සිටිනවා. එම තොරතුරු ලබා ගැනීමෙන් පසු ගමේ ප්‍රසිද්ධ කරනවා. එමගින් සුදුස්සා කවිද නුසුදුස්සා කවුද කියල ගමේ අයට බලාගන්න පුළුවන් වගේම සුදුසු කෙනෙකුට නොලැබෙන්නේ නම් අභියාචනා දෙන්නත් පුළුවන්”..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43