අක්මීමණ මනුෂ්‍ය ඝාතනයක් (ඡායාරූප)

ගාල්ල, අක්මීමණ, කපුහෙම්පල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයකු අද (13) අලුයම හිසට පිහියකින් ඇණ ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ කපුහෙම්පල, කාතු‍හේනවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු බවයි අක්මීමණ පොලිසිය පැවසුවේ.

අද අලුයම් කාලයේ නිවසට ඇතුළු වූ අයෙකු විසින් නිවසේ සාලයේ නිදාසිටි මෙම පුද්ගලයාගේ හිසට පිහියකින් ඇණ ඝාතනය කර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර, අපරාධය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
8
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්