AFC Banner
Empty Ad
Empty Ad

මුලතිව් නව ආරක්ෂක සේනා ආඥාපති වැඩ භාරගනී (ඡායාරූප)

මුලතිව් නව ආරක්ෂක සේනා ආඥාපති ලෙස මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන අද (12) එම තනතුරේ වැඩ භාරගත්තා.

ආරක්ෂක සේනා නිළධාරීන්ගේ සම්මාන මුරයකින් අනතුරුව, සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ නව ආඥාපතිවරයා වැඩ භාරගැනීම සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රටේ අභිවෘද්ධිය සහ යුද හමුදාවේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම උදෙසා කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව වැඩ භාරගැනීමෙන් අනතුරුව භට පිරිස් අමතමින් නව ආඥාපතිවරයා සඳහන් කර සිටියා.

නව ආඥාපතිවරයා වැඩ භාර ගැනීමේ අවස්ථාවට මුලතිව් ආරක්ෂක සේනා 57, 59, 64, 66 සහ 68 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?