තවත් කොරෝනා මරණ 5ක්

මෙරටින් තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 520ක් දක්වා ඉහළ ගොස් තිබේ. නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක්, අඟුලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක්, මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක්, බිබිල ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.

Capture 5