කොවිඩ් සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට කමිටු 2ක්

රට තුළ කොවිඩ් 19 සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.

2022 ජුනි මස 22 දිනැති අංක 23/විවිධ/026 දරන අමාත්‍ය මණ්ඩල තීරණයට අනුවයි මෙම කමිටු පත් කර ඇත්තේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය කමිටුව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු සාමාජිකයන් 08 දෙනෙකුගෙන් සමන්විතයි. රට තුළ කොවිඩ් 19 සහ ඩෙංගු රෝගය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අමාත්‍ය කමිටුවට පැවරෙනවා.

මේ අතර ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ඇති සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පත් කර තිබෙනවා.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොලගේ සභාපතිත්වයෙන් යුත් එම විද්වත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.කොඩිප්පිලිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එස්.එම්. ආර්නෝල්ඩ්, වසංගත රෝග විද්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ප්‍රතිශක්තීකරණ හා අණුක වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය නිලිකා මලවිගේ, විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක පත් කර තිබෙනවා.

එම කමිටුවේ කැඳවුම්කරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බුද්ධිකා එස්. ගමගේ මහත්මිය යි පත් කර ඇත්තේ.

මීට අමතරව මෙම විද්වත් කමිටුවට සහාය වීම සඳහා පළාත් මට්ටමින් අනුකමිටු 09ක් පත් කර තිබෙනවා.

පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම අනුකමිටුවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, පළාත් ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා, කලාප සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා, පළාත් පාලන කොමසාරිස්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළත්.

මේ අතර කොවිඩ් 19 සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අදාළ අමාත්‍ය කමිටුව අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී කමිටු සභාපති, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.

ඩෙංගු මර්ධන ඒකකයේ නිලධාරීන් ද එම අවස්ථාවට කැඳවා තිබූ අතර රට තුළ සෞඛ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වුවද පළාත් මට්ටමින් ජනතාව දැනුවත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරුණා.

විද්වත් කමිටුව ලබන 13 වන අඟහරුවාදා පෙරවරුවේ රැස්වීමට ද මෙහිදී තීරණය කෙරුණු අතර පළාත් ප්‍රධාන ලේකම්වරුන් ද ඒ සඳහා කැඳවීමටත්, පළාත් මට්ටමින් ඩෙංගු මර්ධන ක්‍රියාකාරි සැලැස්ම එහිදි සකස් කිරීමටත් තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08
Video thumbnail
කටුනායක අධිවේගී මාර්ගයේ කොටස් හොරු ගලවනවා..ආරක්ෂා කිරීමේ පියවරක් නැද්ද ?
01:34
Video thumbnail
රනිල් උස්සපු රට, අනුර කුමාර ආයේ වැට්ටුවා
05:01
Video thumbnail
පිල්ලෙයාන්ගේ ජීවිතය ගැන අපිට නැති කැක්කුමක් ආණ්ඩුවට ඇතිවෙලා
02:55
Video thumbnail
නලින්ද විපක්ෂයට කට උත්තර නැති වෙන්න අමතයි..විපක්ෂය ඉතුරුවෙලා ඉන්න පාක්ෂිකයින් කුල්මත් කරනවා
05:37
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21