පොලිසිය තුළ පැමිණිල්ලක් විභාග කරන අවස්ථාවේ පිහි ඇනුමක්

බකමූණ දමන යාය ප්‍රදේශයේ කාන්තාවක් අතුරුදන් වීමේ සිද්ධියකට අදාළ පැමිණිල්ලක් විභාග කරන අවස්ථාවේ පොලිසිය තුළ පිහි ඇනුමක් සිදුව තිබෙනවා.

අතුරුදන් වී ඇත්තේ 33 හැවිරිදි තිදරු මවක් වන අතර එම සිද්ධියට අදාළ සැකකරුවෙකුට පිහි ඇනුම සිදුකර ඇත්තේ අතුරුදන්ව සිටින කාන්තාවගේ සැමියා විසින් බවටයි අප වාර්තාකරු සඳහන් කළේ.

දමන යාය ප්‍රදේශයේ පදිංචි කාන්තාව පොළොන්නරුව නව නගරයේ පදිංචි පුද්ගලයකුට නිවසේ ඔබ්බුප උගසට තබා මුදල් පොලියට දෙන පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාගෙන තිබුණා.

ඇයගේ සැමියා බගවන්තලාව ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින අතර ඊයේ රාත්‍රි මෙම කාන්තාව සැමියාට දුරකථනයෙන් දැනුම්දී ඇත්තේ නිවස අසල වාහනයක් නතර කර ඇති බවයි.

ඒ පිළිබඳ තමාට බියක් පවතින බව එම කාන්තාව සැමියාට ප්‍රකාශකර තිබෙනවා.

මේ හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ සිටි සැමියා අද උදෑසන දමනයාය ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහු දැක ඇත්තේ නිවසේ පිටුපස දොර විවෘත කර ඇති ආකාරයයි. නිවස තුළට ගොස් සොයා බැලීමේදී බිරිඳ නිවසේ සිට නොමැති අතර දරුවන් තිදෙනා පමණක් සිට තිබෙනවා.

දරුවන්ගෙන් මව පිළිබඳ කළ විමසීමේදී ඔවුන් ප්‍රකාශකර ඇත්තේ තමන් නිදා සිටි බවයි.

පසුව සැමියා නිවස ඉදිරිපිට නවතා තිබූ බවට පැවසුනු රථය සම්බන්ධයෙන් ගැන සැක සිතා අසල්වැසියන්ගෙන් විමසූ විට දැනගන්නට ලැබී ඇත්තේ මුදල් පොලියට ලබාදෙන ව්‍යාපාරිකයා පැමිණ සිටි බවයි.

පසුව සැමියා බකමූණ පොලිසිය වෙත ගොස් ඇති අතර පැමිණිල්ල ළමා හා කාන්තා පොලිස් ඒකකයේ සටහන් කරන අතර සැමියාට සැක බව කියන මුදල් පොලියට ලබාදෙන ව්‍යාපාරිකයා ද වග උත්තරකරුවෙකු ලෙස පොලිස් ස්ථානය වෙත ගෙන්වා තිබෙනවා.

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු විමසන අවස්ථාවේ අතුරුදහන්ව සිටින කාන්තාවගේ සැමියා සහ වගඋත්තරකරු වන ව්‍යාපාරිකයා සමඟ බහින්බස් වීමක් හටගෙන ඇති අතර පසුව පැමිණිලිකාර සැමියා අනෙක් පුද්ගලයාට පිහි ඇනුමක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී එම ව්‍යාපාරිකාගේ උරහිසට තුවාල සිදුව ඇති අතර එය වැළැක්වීමට ගිය බකමූණ පොලිසියේ ලමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියකගේ දෙඅත් වලට ද සුලු තුවාල සිදුව තිබෙනවා.

තුවාල ලැබූ ව්‍යාපාරිකයා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අතුරුදහන් වූ කාන්තාව සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

අතුරුදන් වූ බව කියන කාන්තාව ඇයගේ කුඩා බිළිඳා ද රැගෙන ගොස් ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
4
+1
2
+1
6
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?