රජය බදු සංයුතිය වෙනස් කිරීමේ සටනක

දැනට පවතින බදු ගොනු සංඛ්‍යාව දශ ලක්ෂය දක්වා ඉහළ නංවමින් බදු නොගෙවන පිරිස බදු ජාලයට ඇතුළත් කර ගැනීම රජයේ අපේක්ෂාව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එමගින් වක්‍ර සහ ඍජු බදු බදු අතර අනුපාතය 60% – 40% දක්වා වෙනස් කිරීමේ සටනක රජය නිතරව සිටින බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

බදු ගෙවීමේ වගකීම ජනතාව සතු වන අයුරින් ම එම බදු මුදල් විනිවිධ භාවයෙන් යුතුව වැය කිරීමේ වගකීම රජය භාර ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළේ විසර්ජන පනත යටතේ වන නියමයන් අනුමත කර ගැනීම සඳහා අද (08) පාර්ලිමේන්තුවේ පැවැති විවාදය ආරම්භ කරමින්.

2022 වසරේ මෙරට ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 3268ක් වුව ද රටේ සමස්ත බදු ගොනු සංඛ්‍යාව 205200ක්.

ඉන් පැහැදිලි වන්නේ බදු ගෙවිය හැකි විශාල පිරිසක් බදු ගෙවීම් පැහැර ඇති බවයි. ඒක පුද්ගල ආදායම අනුව ගණනය කළ හොත් මෙරට බදු ගොනු සංඛ්‍යාව දශ ලක්ෂයක මට්ටමේ පැවැතිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඒ අනුව ජූනි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බදු ගෙවිය හැකි යැයි අපේක්ෂා කෙරෙන ක්ෂේත්‍ර 14ක වෘත්තිකයන්ට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කර තිබෙනවා. එසේ ම 2024 වසරේ සිට වයස 18 සම්පූර්ණ කළ සියලු ම දෙනාට බදු ගොනුවක් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

විශේෂයෙන් ම අලුතෙන් බදු ගොනු විවෘත කිරීමට ඇතුළත්වන පාර්ශවවල පහසුව සඳහා ඔවුන්ට උපදෙස් ලබා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් වෙනම සම්බන්ධීකරණ මැදිරියක් ආරම්භ කිරීමට නියමිත යි. බදු පිළිබඳ භීතිය තුරන් කිරීම සඳහා රජය කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ අලුතෙන් බදු ගොනු විවෘත කරන පාර්ශව සිය ආදායම් සහ වියදම් හෙලි කළ යුත්තේ 2022 – 23 වසරෙවලට අදාළව පමණක් බවයි. එසේ ම ඉතිහාසයේ ආදායම් පිළිබඳ තොරතුරු මේ සඳහා සලකා නොබලන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සියලුම දේශපාලනඥයන් සහ කාර්ය මණ්ඩලය සඳහා ද බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බවත් ඔවුන්ගෙන් නාම යෝජනා භාර ගැනීමේ දී වත්කම් ප්‍රකාශය සේම බදු ගොනුවක් පවත්වාගෙන යාම අනිවාර්ය කිරීම පිළිබඳ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

2022 වසරේ සමස්ත බදු ආදායම දැක්වුණේ රුපියල් බිලියන 1979ක් ලෙසටයි. එවකට පැවැති 80 – 20 බදු අනුපාතය යටතේ ඉන් රුපියල් බිලියන 1600කට ආසන්න මුදලක් සියලු ජනතාව විසින් ගෙවන වක්‍ර බදුවලට ඇතුළත් වන අතර බිලියන 400ක පමණ මුදලක් පමණක් බදු ගෙවිය හැකි පාර්ශ්ව විසින් ගෙවනු ලබන ඍජු බදුවලට අයත්.

මෙම වසරේ ගත වූ මාස පහක කාලය තුළ බදු සංයුතිය 70 – 30 ලෙස වෙනස් වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අනුව වසරේ බදු ආදායම රුපියල් බිලියන 2000 ලෙස අනුමාන කළහොත් 2022 වසරේ දී වක්‍ර බදු ලෙස සාමාන්‍ය ජනතාවගෙන් අය කළ රුපියල් බිලියන 200ක පමණ ප්‍රමාණයක් බදු ගෙවිය හැකි පිරිසගෙන් අය කර ගැනීමට රජය සමත් වන බවයි.

රජයේ අපේක්ෂාව එම බදු අනුපාතය 60 – 40 ලෙස වෙනස් කිරීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ එසේ වුවහොත් දැනට වක්‍ර බදු ලෙස සාමාන්‍ය ජනතාවගෙන් අය කෙරෙන රුපියල් බිලියන 400ක පමණ මුදලක් ඍජු බදු ගෙවන්නන්ගෙන් අය කර ගත හැකි බවයි.

මේ අතර ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් පසුගිය මැයි 31 දින වන විට සිදු කළ මෙරට ප්‍රතිපත්තිමය පොළී අනුපාත පහළ දැමීමත් සමඟ, වසරක් තුළ වාර්තා වූ පොළිය අඩුවීමේ වැඩිම අගය ඊයේ (07) දින වාර්තා වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඊයේ දින සිදු කළ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය තුළ, දින 91ක භාණ්ඩාගාර බිල්පත් සඳහා 2.5% කට ආසන්න අගයක් ද, දින 182ක භාණ්‌ඩාගාරය බිල්පත් සඳහා 3.4%කට ආසන්න අගයක්ද, දින 364ක භාණ්ඩාගාර බිල්පත් සඳහි 3.81%ක්ද වශයෙන් පොළී අනුපාත පහළ යාමක් වාර්තා වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඊයේ දින වෙළෙඳපොළට නිකුත් කළ දින 364 භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයට වඩා, තුන්ගුණයක පමණ ඉල්ලුමක් දක්නට ලැබුණු බවත්, ආර්ථිකයේ ස්ථාවරත්වයක් ගොඩනැඟෙමින් පවතින බව එමඟින් පෙන්නුම් කෙරෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබුවා.

ඒ අනුව, අලුතින් ණය ලබාගැනීමේදී ද පොළිය කෙටි කලක් තුළ අඩු වනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය කාල සීමාව තුළ සිදු කළ නිවැරදි ප්‍රතිසංස්කරණ වලින් අනතුරුව, ආර්ථික ස්ථාවර කිරීමේ ඉලක්කයන් සඳහා කඩිනමින් ගමන් කිරීමට හැකියාව ලැබෙන බව, උද්ධමනය පහළ යාම වැනි ලක්ෂණ වලින් දැකිය හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27