උදෑසනම පා පාදියෙන් රැකියාවට ගිය තරුණයා ටිපර් රථයට බිලි

හොරණ මිල්ලනිය ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පාපැදියෙන් රැකියාවට යමින් සිටි 24 හැවිරිදි තරුණයෙකු අද අළුයම මියගොස් තිබෙනවා.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින පාලමක් සඳහා ගල් රැගෙන යමින් සිටි ටිපර් රථයකට යට වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරින් මියගොස් ඇත්තේ හල්තොට කොස්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්.

අනතුරින් පසු පළා ගොස් තිබූ ටිපර් රථය හඳුනාගෙන එහි රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරින් මියගිය තරුණයා රැකියා ස්ථානය කරා යාම සඳහා අරුක්ගොඩ ප්‍රදේශයේ සිට පාපැදියෙන් යාමේදී පැමිණි ටිපර් රථයට යටවී මෙම අනතුර වී ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

තරුණයා අනතුරකට ලක් වී පාපැදිය මත ම වැටී සිටින අයුරු එම ස්ථානයෙන් ගමන් ගත් ඥාතියෙකු දැක පොලිසියට දැනුම් දී තිබෙනවා.

අනතුරුව එම අවස්ථාවේදී කළු ගල් පටවා ගෙන එම මාර්ගයේ ගමන් ගත් ටිපර් රථ 4ක් හඳුනාගෙන ඒවා පොලිසිය වෙත ගෙන්වා සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි සැකකාර ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ටිපර් රථය පොලිස් භාරයට ගෙන ඇත්තේ.

පාපැදිය ටිපර් රථයේ ඉදිරිපස දකුණු ප්‍රදේශයේ ගැටී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා. අත්අඩංගුවට ගත් ටිපර් රථ රියදුරා ද අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හොරණ මූලික රෝහලේ දී සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
5
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20