කොස්ගෙඩියට මිනී මැරූ පුද්ගලයාට අධිකරණයෙන් නියෝගයක්

රත්මලාන ගාලුපාරේ පිහිටි හෝටලයක පසුගියදා සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන ජුනි මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළේ සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණය කර ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

කොස් ගෙඩියක් අලෙවි කිරීමට පැමිණි පුද්ගලයෙකු සහ හෝටලයේ හිමිකරු අතර මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙනුයි මෙම ඝාතනය සිදුව තිබුණේ.

එහිදී සිදු වූ පිහි ඇනුමෙන් 29 හැවිරිදි හෝටල් හිමිකරු බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස ජීවිතක්ෂයට පත් වුණා.

මෙම ඝාතනය සිදු කළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටියදී ලැබුණු තොරතුරකට අනුව ගල්කිස්ස පොලිසිය විසින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබුවේ රත්මලාන ප්‍රදේශයේ පාලු නිවසක සැඟව සිටියදී යි.

සැකකරු රත්මලාන ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර ඝාතනයට යොදාගත් පිහිය ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?