කොස්ගෙඩියට මිනී මැරූ පුද්ගලයාට අධිකරණයෙන් නියෝගයක්

රත්මලාන ගාලුපාරේ පිහිටි හෝටලයක පසුගියදා සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන ජුනි මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළේ සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණය කර ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

කොස් ගෙඩියක් අලෙවි කිරීමට පැමිණි පුද්ගලයෙකු සහ හෝටලයේ හිමිකරු අතර මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙනුයි මෙම ඝාතනය සිදුව තිබුණේ.

එහිදී සිදු වූ පිහි ඇනුමෙන් 29 හැවිරිදි හෝටල් හිමිකරු බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස ජීවිතක්ෂයට පත් වුණා.

මෙම ඝාතනය සිදු කළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටියදී ලැබුණු තොරතුරකට අනුව ගල්කිස්ස පොලිසිය විසින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබුවේ රත්මලාන ප්‍රදේශයේ පාලු නිවසක සැඟව සිටියදී යි.

සැකකරු රත්මලාන ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර ඝාතනයට යොදාගත් පිහිය ද පොලිසිය සොයාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04