දේශසීමා හරහා වෙනත් රටකට පනින්න හැදූ 175ක් අල්ලයි

ට්‍රක් රථයක සැගවී ඇමරිකාවට ඇතුලු වීමට උත්සාහ කළ සංක්‍රමණිකයන් 175 දෙනෙකු මෙක්සිකෝ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස අතර බාලවයස්කරුවන් 30 දෙනෙකු ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දකුණු මෙක්සිකෝවේ චියාපාස් ඩි කෝර්සෝ හිදී ට්‍රක් රථයකින් ගමන් කරමින් සිටි මෙම සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගනු ලැබුවේ එරට ආගමන බලධාරීන් සහ ජාතික ආරක්ෂක බළකාය විසින්.

නිලධාරීන් පැවසුවේ මෙම සංක්‍රමණිකයන් අතර ග්වාතමාලාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ඩොමිනිකන් ජනරජය සහ පකිස්ථානය යන රටවලින් පැමිණි පිරිසක් වන බවයි.

ලතින් ඇමරිකාවේ පවතින දරිද්‍රතාව ඇතුලු මානුෂීය අර්බුධ හේතුවෙන් මෙලෙස මෙක්සිකෝව හරහා සංක්‍රමණිකයන් ඇමරිකාවට පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කෙරෙනවා.

මෙක්සිකෝ බලධාරීන් දකුණු දේශසීමාවෙන් ගමන් කරන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් වාර්තා කර තිබුණ ද දේශසීමාවලදී සංක්‍රමණික පැහැරගැනීම් ද වාර්තා වී තිබෙනවා.

උතුරු මෙක්සිකෝවේ සොනෝරා ප්‍රාන්තයේ දී පසුගිය 7 වනදා ද සංක්‍රමණිකයන් 113 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුගිය 18 වනදා, උතුරු මෙක්සිකෝවේ චියාපාස් සිට නුවෝ ලියොන් දක්වා බස් රථයක ගමන් කරමින් සිටියදී පැහැරගෙන ගිය සංක්‍රමණිකයන් 50 දෙනෙකු බේරා ගැනීමට ද බලධාරීන් සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12