මෝදිගේ ඇමරිකානු සංචාරය ගැන ධවල මන්දිරය සුබවාදී ආකල්පයක

ලබන මස සිදුකිරීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ එක්සත් ජනපද සංචාරය, දෙරට අතර ගැඹුරු සහ සමීප හවුල්කාරිත්වය මෙන්ම එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ ජනතාව සම්බන්ධ කරන උණුසුම් බැඳීම තහවුරු කරනු ඇති බවට  ධවල මන්දිරය විශ්වාසය පළ කරනවා.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරීන් ජීන් පියරේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ, ඇමරිකානු ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව ඉන්දීය ජනරජයේ අගමැති මෝදිට නිල රාජ්‍ය සංචාරයක් සඳහා සත්කාරකත්වය සැපයීමට උනන්දුවෙන් පසු වන බවයි.

නිදහස්, විවෘත, සමෘද්ධිමත් සහ සුරක්ෂිත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා දෙරටේ හවුල් කැපවීම නායකයින් දෙදෙනා විසින් ඉස්මතු කරනු ඇති බවද ඇය මෙහිදී ප්‍රකාශ කළා.

කැරීන් ජීන් පියරේ වැඩිදුරටත් පැවසුවේ අධ්‍යාපනික ක්ෂේත්‍රය පිළිබඳ සහ ජනතාව අතර සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ ක්‍රම පිළිබඳව බයිඩ්න් ජනාධිපතිවරයා සහ මෝදි අගමැතිවරයා සාකච්ඡා කරනු ඇති බවයි.

මෙම සංචාරය එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර ගැඹුරු සහ සමීප හවුල්කාරිත්වයත් ඇමරිකානුවන් සහ ඉන්දියානුවන්  එකිනෙකාට සම්බන්ධ කරන පවුලේ සහ මිත්‍රත්වයේ උණුසුම් බැඳීමත් තහවුරු කරනු ඇති බව ද කැරීන් ජීන් පියරේ ප්‍රකාශ කළා.

ජනාධිපති බයිඩ්න් සහ අගමැති මෝදි නිදහස්, විවෘත, සමෘද්ධිමත් සහ සුරක්ෂිත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා දෙරටේ හවුල් කැපවීම මෙන්ම ආරක්ෂක, බලශක්තිය සහ අභ්‍යවකාශය ඇතුළු උපායමාර්ගික තාක්‍ෂණ හවුල්කාරිත්වය ඉහළ නැංවීමට රටේ ඇති හවුල් අධිෂ්ඨානය ඉස්මතු කරනු ඇති බවටයි ඇය විශ්වාසය පළ කළේ.

දෙරට අධ්‍යාපනික හුවමාරුව සහ මිනිසුන් අතර සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ ක්‍රම මෙන්ම දේශගුණික විපර්යාසවල සිට ශ්‍රම බලකායේ සංවර්ධනය සහ සෞඛ්‍ය ආරක්‍ෂාව දක්වා පොදු අභියෝගයන්ට මුහුණ දීම සඳහා අප එක්ව කටයුතු කිරීම පිළිබඳව ද නායකයින් සාකච්ඡා කරනු ඇති බව ඇය මාධ්‍ය හමුවේ සඳහන් කළා.

මීට පෙර ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ,අගමැති නරේන්ද්‍ර මෝදිගේ  නිල රාජ්‍ය සංචාරයක් සඳහා සත්කාරකත්වය සපයනු ඇති බවයි.

එයට ජුනි 22 වන දින පැවැත්වෙන රාජ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයක් ඇතුළත්.

අගමැති මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති බයිඩන් අතර අවසන් මුහුණට මුහුණ හමුව පැවැත්වුණේ  ඉන්දුනීසියාවේ දීයි.

එහිදි නායකයින් දෙදෙනා තීරණාත්මක සහ නැගී එන තාක්ෂණයන් සහ කෘත්‍රිම බුද්ධිය වැනි ක්ෂේත්‍ර සැලකිල්ලට ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15