මෝදිගේ ඇමරිකානු සංචාරය ගැන ධවල මන්දිරය සුබවාදී ආකල්පයක

ලබන මස සිදුකිරීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ එක්සත් ජනපද සංචාරය, දෙරට අතර ගැඹුරු සහ සමීප හවුල්කාරිත්වය මෙන්ම එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ ජනතාව සම්බන්ධ කරන උණුසුම් බැඳීම තහවුරු කරනු ඇති බවට  ධවල මන්දිරය විශ්වාසය පළ කරනවා.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරීන් ජීන් පියරේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ, ඇමරිකානු ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව ඉන්දීය ජනරජයේ අගමැති මෝදිට නිල රාජ්‍ය සංචාරයක් සඳහා සත්කාරකත්වය සැපයීමට උනන්දුවෙන් පසු වන බවයි.

නිදහස්, විවෘත, සමෘද්ධිමත් සහ සුරක්ෂිත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා දෙරටේ හවුල් කැපවීම නායකයින් දෙදෙනා විසින් ඉස්මතු කරනු ඇති බවද ඇය මෙහිදී ප්‍රකාශ කළා.

කැරීන් ජීන් පියරේ වැඩිදුරටත් පැවසුවේ අධ්‍යාපනික ක්ෂේත්‍රය පිළිබඳ සහ ජනතාව අතර සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ ක්‍රම පිළිබඳව බයිඩ්න් ජනාධිපතිවරයා සහ මෝදි අගමැතිවරයා සාකච්ඡා කරනු ඇති බවයි.

මෙම සංචාරය එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර ගැඹුරු සහ සමීප හවුල්කාරිත්වයත් ඇමරිකානුවන් සහ ඉන්දියානුවන්  එකිනෙකාට සම්බන්ධ කරන පවුලේ සහ මිත්‍රත්වයේ උණුසුම් බැඳීමත් තහවුරු කරනු ඇති බව ද කැරීන් ජීන් පියරේ ප්‍රකාශ කළා.

ජනාධිපති බයිඩ්න් සහ අගමැති මෝදි නිදහස්, විවෘත, සමෘද්ධිමත් සහ සුරක්ෂිත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා දෙරටේ හවුල් කැපවීම මෙන්ම ආරක්ෂක, බලශක්තිය සහ අභ්‍යවකාශය ඇතුළු උපායමාර්ගික තාක්‍ෂණ හවුල්කාරිත්වය ඉහළ නැංවීමට රටේ ඇති හවුල් අධිෂ්ඨානය ඉස්මතු කරනු ඇති බවටයි ඇය විශ්වාසය පළ කළේ.

දෙරට අධ්‍යාපනික හුවමාරුව සහ මිනිසුන් අතර සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ ක්‍රම මෙන්ම දේශගුණික විපර්යාසවල සිට ශ්‍රම බලකායේ සංවර්ධනය සහ සෞඛ්‍ය ආරක්‍ෂාව දක්වා පොදු අභියෝගයන්ට මුහුණ දීම සඳහා අප එක්ව කටයුතු කිරීම පිළිබඳව ද නායකයින් සාකච්ඡා කරනු ඇති බව ඇය මාධ්‍ය හමුවේ සඳහන් කළා.

මීට පෙර ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ,අගමැති නරේන්ද්‍ර මෝදිගේ  නිල රාජ්‍ය සංචාරයක් සඳහා සත්කාරකත්වය සපයනු ඇති බවයි.

එයට ජුනි 22 වන දින පැවැත්වෙන රාජ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයක් ඇතුළත්.

අගමැති මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති බයිඩන් අතර අවසන් මුහුණට මුහුණ හමුව පැවැත්වුණේ  ඉන්දුනීසියාවේ දීයි.

එහිදි නායකයින් දෙදෙනා තීරණාත්මක සහ නැගී එන තාක්ෂණයන් සහ කෘත්‍රිම බුද්ධිය වැනි ක්ෂේත්‍ර සැලකිල්ලට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙන්නක් අවසන් ගමන් යවපු අනතුර - එද්දී එක්කෙනෙක් බිම අනිත් කෙනා ඇතුළේ
03:21
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
01:00
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
03:48
Video thumbnail
අලුත් අවුරුද්දේ වජිර කරපු සුපිරි කතාව
02:57
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58

?