ඩෙංගු පාලනයට දීමනාවකින් තොරව රාජකාරී කරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සූදානමින් (වීඩියෝ)

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා අවශ්‍ය නම් අතුරු දීමනාවකින් තොරව දිවයින පුරා සිටින තම සාමාජිකයින් ඒ සඳහා යෙදවීමට හැකියාව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා අද (15) මේ බව සඳහන් කර සිටියා.

“මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන බව දකින්න තිබෙනවා. ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා බලධාරීන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපිට සෑහීමකට පත්වන්න පුළුවන් කමක් නෑ, මොකද නිසි පුහුණුවකින් තොර නිලධාරීන් සහ මහජනතාව යොදා ගෙන කාලය කා දැමීමෙන් මේ කටයුත්ත කරන්න පුළුවන්කමක් නොමැති බවයි කියන්න තියෙන්නේ. දිවයින පුරා සිටින සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ව ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්ධන කටයුතු සදහා යොදවන්න අපිට හැකියාව තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම කියන්න තියෙන්නේ අපි එම කටයුත්තට සහභාගි වෙන්නේ අමතර කිසිඳු දීමනාවක් බලාපොරොත්තුවෙන් නොව ජාතික වගකීමක් ලෙස සලකා බවයි. ඩෙංගු මදුරු කීටයින් සොයායන ඇතැම් සෞඛ්‍ය සේවකයින්ට මහජනතාව විසින් විවිධ බාධා කිරීම් සිදුකර ඇති බවත් පසුගිය දිනවල වාර්තා වී තිබුණා.මින් ඉදිරියට ඩෙංගු කීටයින් ඉන්නවා ද කියලා සොයා බලන්න එන්න පෙර අපි ඒ සම්බන්ධයෙන් පෙර දැණුවත් කිරීමක් කරන්නේ නෑ.ඒ නිසා පොදු නිවේදනයක් කොට සලකා සියළුම ජනතාව ඒ සදහා සහාය දෙන්න කියා ඉල්ලා සිටිනවා. කිසියම් ආකාරයකට සෞඛ්‍ය සේවකයින් ඩෙංගු කීටයින් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය විට බාධා කිරීම් කළහොත් අපි ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද කියන්න කැමතියි.”

https://youtu.be/NqYuTzo0r44
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23