ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කරේ

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සහ ඇෆ්ගනිස්තාන තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතය නම්කර තිබෙනවා.

මෙම සංචිතයේ පිතිකරුවන් 07 දෙනෙකු නම්කර ඇති අතර පැතුම් නිස්සංක, අශේන් බණ්ඩාර, අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෘස්පුල්ලේ, ඇන්ජලෝ මැතිව්ස්, නුවනිඳු ප්‍රනාන්දු සහ චරිත් අසලංක ඇතුළත්.

කඩුලු රකින්නන් ලෙස මෙම මූලික සංචිතය සඳහා කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා සහ සධීර සමරවික්‍රම යන ක්‍රීඩකයින් නම්කර තිබෙනවා.

දසුන් ශානක, චාමික කරුණාරත්න, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, රමේෂ් මෙන්ඩිස්, සහන් ආරච්චිගේ සහ දුෂාන් හේමන්ත යන ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත් කර ඇති තුන් ඉරියව් ක්‍රීඩකයින් වනවා.

වේගපන්දු යවන්නන් 09ක් මෙම සංචිතයට එක්කර ඇති අතර, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මදුසංක, කසුන් රාජිත, මතීෂ පතිරණ, නුවන් තුෂාර, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුශාන් එම ක්‍රීඩකයින් නවදෙනායි.

දඟපන්දු යවන්නන් ලෙස මහිෂ් තීක්ෂණ, ලක්ෂණ සඳකැන් සහ ප්‍රවීන් ජයවික්‍රම මෙම සංචිතය සඳහා නම්කර තිබෙනවා.

ඒ, අනුව පසුගිය වසරේ පැවති විස්සයි විසස ලෝක කුසලාන තරගාවලියේදී ආබාධයට ලක්වූ දුෂ්මන්ත චමීර යළිත් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති අතර, කුසල් පෙරේරා ද වසර දෙකකට පසු එක්දින සංචිතයකට කැඳවා තිබෙනවා.

ක්‍රීඩකයින් තිස්දෙනෙකුගෙන් යූත් මෙම මූලික සංචිතයෙන් ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇෆ්ගනිස්තානය සමඟ එළඹෙන තරගාවලිය සඳහා නම් කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56