වෛද්‍යවරයා තෙමහල් ගොඩනැගිල්ලෙන් බිමට වැටේ

අද (09) පස්වරුවේ නිකවැරටිය නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක අයිතිය වෙනුවෙන් එහි වහලයට නැගි වෛද්‍යවරයා වහලයෙන් ඇද වැටී අනතුරට ලක්ව රෝහල් ගතකර ඇති බව පොලිසිය පැවසීය. අනතුරට ලක්ව ඇත්තේ කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙකි. අනතුරින් පසු වෛද්‍යවරයා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවද පොලිසිය සඳහන් කළේය.

මෙම තෙමහල් ගොඩනැගිල්ලේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පක්ෂ කාර්යාලයද පවතින බැවින් වෛද්‍යවරයාට ඉවත් වන ලෙස පොලිසිය දැනු වූ අවස්ථාවේ ඉන් ඉවත් වීමට යාමේදී වෛද්‍යවරයා වහලයෙන් ඇද වැටී ඇති බවද පොලිසිය පැවසීය. වෛද්‍යවරයාට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දීමට පියවර ගත් බවත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යැවීමට නියමිත බවත් රෝහල් වෛද්‍යවරුන් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09