ණය ප්‍රතිව්‍යූහගත කරන්න නිල ණය හිමි කමිටුවක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ නිල ණය හිමි කමිටුවක් පිහිටුවා ඇති බව පැරිස් සමාජය නිවේදනය කර තිබෙනවා.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ පළමු රැස්වීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති අතර එහිදී මෙම තීරණය ගත් බවයි පැරිස් සමාජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.

ණය හිමි රටවල් 17ක සහභාගීත්වයෙන් අදාළ කමිටුව පිහිටුවා ඇති අතර ඉන්දියාව, ජපානය හා ප්‍රංශය එම කමිටුවේ සම ප්‍රධානත්වය උසුලනවා.

පළමු රැස්වීමට ශ්‍රී ලංකා බලධාරීන්ද එක් වූ අතර එහිදී ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ නිල ඉල්ලීම ඔවුන් ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම නිල සාකච්ඡාවට චීනයද එක්ව සිටි බවයි පැරිස් සමාජය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඉදිරි සාකච්ඡා සඳහා ද චීනය සාමාජිකයෙකු ලෙස සහභාගී වීමට නියමිතයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වනේබින් මහතා ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී චීන මූල්‍යාධාර සදහා උපරිම සහාය ලබා දෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමකට පැමිණීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතාවක නිරත වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10