බූරු මූණාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ගිනි අවියක් සොයාගනී

බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ හයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් CF 98 වර්ගයේ ගිනි අවිය චීනයේ නිෂ්පාදිත ආරක්ෂිත අගුළු දෙකක් සහිත 9mm වර්ගයේ උණ්ඩ 16 ක් යෙදිය හැකි විශේෂිත වර්ගයේ ගිනි අවියක් බව සඳහන්.

එය මෙතෙක් ආරක්ෂක අංශවල ද භාවිත නොකරන එකක් බවටයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

හංවැල්ල ආපන ශාලා හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් සිටියදී අත්අඩංගුවට ගත් සංඛ ද සිල්වා නොහොත් බූරු මූණා නමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව සුසාන භූමියකින් මෙම ගිනි අවිය සොයාගෙන තිබෙනවා.

හංවැල්ල ආපන ආපන ශාලා හිමිකරු ඝාතනයෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපොලින් විදේශගත වීම සඳහා පැමිණ සිටියදී පොලිස් අත්අඩංගුවට පත් පත් වීමෙන් අනතුරුව පළා ගොස් සැකකරු සැඟව සිටි බණ්ඩාරගම රයිගම මල් වත්ත ප්‍රදේශයේ නිවසට ආසන්න සුසාන භූමියේ මෙම ගිනි අවිය සඟවා තිබූ බව සඳහන්.

බූරු මූණා නම් සැකකරු මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක කාලයකට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.

ඔහු රයිගම නිවසක සැඟව සිටියදී ඉතාලියේ සිටින බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ රත්ගම විදුර නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වන විදේශ ගතව සිටින ඩිලාන් නමැත්තා දුරකථන ඇමතුමක් ලබාදී ගිනි අවිය සහ ජීව උණ්ඩ සුසාන භුමියේ ඇති බවත් නැවත දුරකථන ඇමතුමක් ලබා දෙන තෙක් එය ආරක්ෂිත ස්ථානයක තබන ලෙස උපදෙස් ලබා දී තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.

එලෙස උපදෙස් ලබාදී ඇත්තේ තමා යොදවාගෙන තවත් ඝාතනයක් සිදු කිරීම සඳහා බවට සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
3
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23