ඊයේ පස්වරුවේ ඇදහැලුණ අයිස් වැස්ස

ඊයේ පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාවක් පතිත වුණා. මෙම කාලගුණයත් සමග මීරිගම ඇතුළු ඒ ආසන්න ප්‍රදේශ කිහිපයක අයිස් වැසි තත්ත්වයක් දක්නට ලැබුණි.

බෝතලේ, සුදුකන්ද, මීරිගම කාමරන්කාව ආදි ප්‍රදේශවලින් මේ අයිස් වර්ෂාව පිළිබඳ වාර්තා විය. මෙම වර්ෂා තත්ත්වය විනාඩි 15කට ආසන්න කාලයක් පැවතිය.