පොලිස් කොස්තාපල්වරියගේ ඇමතුමට රැවටුණු සැකකරු අත්අඩංගුවට

දිවයිනේ ප්‍රදේශ රැසක ජීවත් වන තරුණ තරුණියන් ප්‍රංශයට යවන බව පවසා රුපියල් කෝටියකට වැඩි මුදලක් සහ ඔවුන් සතු ගුවන් ගමන් බලපත්‍ර වංචනික ලෙස ලබා ගෙන සිටි පුද්ගලයෙකු කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ජෙරම් ක්‍රිශාන්ත පීරිස් නැමැති 46 හැවිරිදි සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු කටුනායක අමන්දොළුව ප්‍රදේශයේ තාවකාලික නවාතැනක පදිංචි වී සිටි බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකරුට එරෙහිව කටුනායක පොලිසියේ පැමිණිලි 08ක් සටහන් වී ඇති අතර, ඊට අමතරව පොළොන්නරුව, වීරඟුල, රාගම, එඬේරමුල්ල, ජා – ඇළ සහ වැල්ලම්පිටිය යන පොලිස් ස්ථානවලට ද පැමිණිලි ලැබී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මීට අමතරව මෙම පුද්ගලයා ශ්‍රී ලංකාව පුරා යමින් මෙලෙස මුදල් සහ ගුවන් ගමන් බලපත්‍ර වංචාවන් සිදු කර ඇති බවට තොරතුරු ද මේ වනවිට ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ.

කටුනායක පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් මුදල් හදල් යහමින් ඇති, එමෙන්ම විදේශ ගත වීමේ දැඩි අවශ්‍යතාවයෙන් යුතු තරුණියක සේ ඔහුගේ ජංගම දුරකථනය වෙත ඇමතුම් ලබා දී කටුනායක නගරය වෙත ගෙන්වා ගෙන අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී නියෝග කෙරුණේ ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15