අධිබලැති පුපුරණ ද්‍රව්‍ය බෑගයක් හමු වෙයි

ඊයේ යාපනය පොලිසිය මගින් යාපනය චෙම්මිණි ප්‍රදේශයේ සුසාණ භූමියක බෑගයක් තුල තිබූ අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 02 ක් සහ ඩෙටනේටර් සමගින් (08) දින සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි.

යාපනය යුදහමුදා බුද්ධි අංශයට චෙම්මිණි සුසාණ භූමිය අසල සැකකටයුතු පාර්සලයක් දමා ගොස් ඇති බවට ලැබුනු තොරතුරකට අනුව යුදහමුදාව, පොලීසිය , පොලිස් විශේෂ කාර් ය බලකාය අදාල ස්ථානයට ගොස් සිදු කරන ලද පරික්ෂාවකදී චෙම්මිණ සුසාණ භූමියට පිවිසෙන දොරටුව ආසන්නයේ සුදු පැහැති පොලිතීන් බෑගයක් තුල අදාල අධිබැලැති පුපුරණද්‍රව්‍ය තොගය තිබී ඇත. පසුව යාපනය අධිකරණ නියෝගයකට අනුව යුදහමුදාව සහ පොලිස් විශේෂකාර් ය බලකාය විසින් අදාල පොලිතීන් බෑගය පරික්ෂා කිරීමේදී බෑගය තුල තිබී අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 02 ක්, සේවානූල් මීටරයක් සහ විදුලි නොවන ඩෙටනේටර් 02 ක් තිබී සොයාගනු ලැබීය.

අදාල බෑගය (07) රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් ගෙනවිත් එම ස්ථානයට දමන්නට ඇති බවට ආරක්ෂක අංශ විසින් සැක පල කරන අතරම බෑගය සුසාන භූමිය අසලට රැගෙන ආ අය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරනය වී නොමැත. සොයාගත් අධිබලැති පුපුරණද්‍රව්‍ය අදාල ස්ථානයට රැගෙන ආවේ කුමන අරමුණක් සඳහාද යන්න පිළිිබඳවත් රැගෙන ආ පුද්ගලයින් කව්රුන්දැයි යන්න පිළිබඳවද ආරක්ෂක අංශ විසින් පුලුල් පරික්ෂණයක් අරඹා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09