අපේ රටේ ජනගහනයෙන් දිළිඳු භාවයෙන් පෙලෙන්නන්ගේ ප්‍රතිශතය 50% සීමාවට ආසන්නවෙමින් තිබෙනවා.
මින් ඇඟවෙන්නේ අත දිග හැරලා වියදම් කරන්න,ඉස්තරම් ඝනයේ ඇඳුම්-පැළඳුම්, බඩු මුට්ටු ගන්න,පුද්ගලික පරිහරණය සඳහා ඉහළම ප්‍රමිතියකින් යුත් භාණ්ඩ මිලදී ගන්න ශක්තියක් තියෙන සංඛ්‍යාව, රට මුහුණ දුන් ආර්ථික පරිහානිය හමුවේ ක්‍රම ක්‍රමයෙන් හීන වෙමින් යනවා.
අඩු අදායම්ලාභීන් බඩු මුට්ටු මිලදී ගැනීමේදීත්, පරිභෝජනය සඳහා අහාර ද්‍රව්‍ය තෝරා ගැනීමේදීත් වැඩි සැලකිල්ලක් දක්වන්නේ මිලෙන් අඩු, වෙනත් වචනෙකින් කියනවනම් ලාභ දේවල් වෙතයි. නමුත් ඒවායේ ප්‍රමිතිය ගැන,ඒවායින් අපේ පැවැත්මට සිදුවිය හැකි හානිකර ක්‍රියා ගැන එම පිරිස වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අපි කායික වශයෙන් පරිහානියට ලක්වන ප්‍රධානතම සාධකයත් එයයි.
අපි ජීවත්වන මේ මිහිතලයට කලින් කලට විවිධ සෞඛ්‍ය තර්ජන එල්ල වනවා.එමගින් අපේ ශරීර සෞඛ්‍යට,නීරෝගී පැවැත්මට එල්ල වන්නේ විශාල බලපෑමක්.එවිට,ශරීර සෞඛ්‍ය නිරෝගීව පවත්වාගෙන යාම ආර්ථික ගැටළු හමුවේ විශාල අභියෝගයක්ද වනවා. නමුත් මේ අභියෝගය ජය ගන්න නම් ප්‍රථමයෙන් අපි නිරෝගීව සිටිය යුතුයි.
නිරෝගීව සිතිය යුතුයි.නිරෝගීව දැකිය යුතුයි. මේ සියල්ල කල හැක්කේ ඉහළ ගුණාත්මක භාවකින් යුත්,ප්‍රමිතියෙන් ඉහළ නිවැරිදි සෞඛ්‍ය ක්‍රමවේද පිළිපැදීමෙන් පමණයි.නොඑසේනම්, ප්‍රමිතියෙන් බැහැර,අඩු මුදලකට ගත හැකි භාණ්ඩ මිලදීගෙන වැරදි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමෙන් අප කරන්නේ අපේම හිස ගලක ගසා ගැනීමක් වැනි ක්‍රියාවක්.
උදාහරණයක් ලෙස ගතහොත්,පසුගිය කාල වකවානුවේ කවුරුත් කතා කලේ, රටේ ප්‍රධානතම මාතෘකාවක් වී තිබුනේ එවකට පැවති උෂ්ණාධික කාලගුණය ගැනයි.සෞඛ්‍ය බලධාරීන් ජනහමු, මාධ්‍ය හමු පවා පවත්වමින් සිදු කලේ මොකද්ද? ජනතාව අනාගතයේදීත් රටට බලපෑ හැකි මේ අධික රස්නයෙන් ආරක්ෂා කිරීම නේද?
ඔවුන් දෙන උපදෙස් නිවැරිදිව පිළිපැදීම අපේ වගකීම නොවේද? ඔවුන් දෙන පොදු උපදෙස් කිහිපයක් වන්නේ හැකිතාක් ජලය පානය කරන්න,අව්වට නිරාවරණය වීමෙන් හැකිතාක් වළකින්න, එළිමහනේ ගැවසෙන විට හිස් ආවරණයක්, කුඩයක්, තොප්පියක්, කැප් එකක් ගෙන යන්න, ඒ අතරෙම විශේෂයෙන් අපට ලෝකය දැකීමට සලස්වන අපේ දෑස් සැර හිරු රශ්මියෙන් ආරක්ෂා කරගෙන අව් කණ්නාඩි (SUN GLASSES) පළඳින්න යනාදියයි.
අපේ රටේ අව් කන්නාඩි හැම නගරයකම පාහේ මහා මාර්ගවල, පදික වේදිකාවල පවා අලෙවි කරනවා ඔබ කොතෙකුත් දැක ඇති. නමුත් මේවයේ ඇති ගුණාත්මකභාවය, ප්‍රමිතිය පිළිබඳව ඔබ මොහොතකටවත් සිතා තිබෙනවද? අඩු මුදලකින්, පෙනෙන දෑස් වලට වන හානිය, දැඩි හිරු රශ්මිය ඔබේ දෑස් වලට සිදු කරන හානියට වඩා බරපතල බව මොහොතකට සිතන්න.
අපේ දෑස් , අපේ පැවැත්මට,අපේ ඉදිරි ගමනට අතිශයින් වැදගත් ශරීරාංගයක්. දේවත්වයෙන් සැලකිය යුතු ශරීරාංගයක්. එසේනම්, අව් කන්නාඩි තෝරා ගැනීමේදී අනුකරණ වලට නොරැවටෙන්න. අඩු මුදල, ලාභය ගැන සිතා දෑස් වසා නොගෙන ඉහළ ප්‍රමිතිය ගැන සිතා ලෝකයේ නිවැරදි දැක්ම දකිමු.
තීරණය ඔබ සතුයි……..