යාපනයේ සිට කොළඹ ආ බස් රථයක් ලංසිගම දී අනතුරක

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මාරවිල – ලංසිගම ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (02) අලුයම 1.20ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරට පත්ව ඇත්තේ යාපනය ඩිපෝවට අයත් බස් රථයක් වන අතර, රියදුරුට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසනවා.

අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි කිසිවෙකුට හානියක් සිදුව නොමැති අතර, බස් රථයට සහ විදුලිය පහන් කණුවට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා.

මාරවිල පොලීසියේ රථ වාහන අංශය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

බස් රථය විදුලි කණුවක ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින් පසු අවට ප්‍රදේශයට විදුලිය ද විසන්දි වී ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27