පදමට සූර් වූ පුද්ගලයෙකුගේ වෘෂණ කෝෂයක් කපලා

ඇඹිලිපිටිය, බෙංමුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයකුගේ එක් වෘෂණ කෝෂයක් කපා දැමීම හේතුවෙන් බරපතල තත්ත්වයේ පසු වූ පුද්ගලයෙක් රෝහල් ගතකර තිබෙනවා.

අදාළ පුද්ගලයා ඊයේ (30) අලුයම් කාලයේ ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ බෙංගමුව, දාබෝගල පාර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයින් තිදෙනෙක් සමඟ පෙරේදා (29) රාත්‍රියේ මත්පැන් පානය කර ඇති අතර, පසුව මෙම පුද්ගලයා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක් නිවසට යන බව පවසා මත්පැන් පානය කළ නිවසින් පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඊට පසු දින උදෑසන මත්පැන් පානය කළ නිවසේ හිමිකරු නිවසේ දොර විවෘතකර බැලීමේ දී මෙම පුද්ගලයා නිවස ඉදිරිපිට වැටී සිටින අයුරු දැක තිබෙනවා.

වෘෂණ කෝෂයකට හානි සිදුවීම නිසා සිහි මුර්ඡාවෙන් පසු වූ මෙම පුද්ගලයා පසුව නිවෙස් හිමියා විසින් 1990 සුවසැරිය ගිලන්රථයක් කැඳවා රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සම්බන්ධයෙන් ඔහු සමඟ මත්පැන් පානය කළ නිවසේ හිමිකරු ඇතුළු අනෙක් දෙදෙනා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහුට පහරදුන් පුද්ගලයින් සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14