11 හැවිරිදි දැරියක් සමඟ විවාහ වී පවුල් කෑ 40 හැවිරිදි අයෙක් අත්අඩංගුවට

11 හැවිරිදි බාල වයස්කාර දැරියක් විවාහ කර ගැනීම සම්බන්ධයෙන් 40 හැවිරිදි පුද්ගලයෙකු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සිවාන් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය සඳහන් කරනවා.

දැරියගේ මව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මහේන්ද්‍ර පාණ්ඩේ නැමැති පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්‍ෂණය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

බාලවයස්කාර දැරියගේ මව චෝදනා කළේ විත්තිකාර මහේන්ද්‍ර පාණ්ඩේගෙන් තමන් ලබාගත් ණය මුදලක් නොගෙවීම හේතුවෙන් තම දියණිය බලහත්කාරයෙන් විවාහ කරදුන් බවයි.

කෙසේ වෙතත්, මහේන්ද්‍ර පාණ්ඩේ එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, එය දැරියගේ මව තමාගෙන් මුදල් ලබාගැනීම සඳහා අටවා ඇති උගුලක් බවයි පොලිසියට සඳහන් කර ඇත්තේ.

“මම කසාද බැන්දේ ගෑනු ළමයගෙයි අම්මගෙයි කැමැත්තෙන්. දැන් ගෑනු ළමයගෙ අම්මා මාව බ්ලැක්මේල් කරනවා. සල්ලි ඉල්ලන්න පටන් ගත්තා. අපි අතරේ කිසිම ආකාරයක මුදල් ගනුදෙනුවක් තිබ්බේ නෑ, මම කොටු වෙලා.” යනුවෙන් චෝදනාව එල්ල වී සිටින මහේන්ද්‍ර පාණ්ඩේ පොලිසියට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් බාල වයස්කාර දැරියගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ය පවසා ඇත්තේ,
තම මව, මහේන්ද්‍ර පාණ්ඩේව බොරු චෝදනාවකට පටලවා ඇති බවයි.

“අපි දෙන්නම කසාද බැන්දේ අම්මගේ කැමැත්තෙන්, අපි දෙන්නට එකට ඉන්න ඕන, කලින් අම්මා හැමදේම කරලා දුන්නා. දැන් අපි දෙන්නවම කොටු කරනවා” යනුවෙන් දැරිය පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ලිංගික අපරාධවලින් ළමුන් ආරක්ෂා කිරීමේ පනත යටතේ මහේන්ද්‍ර පාණ්ඩේ මේ වනවිය අත්අඩංගුවේ පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
8
+1
13
+1
7
+1
11
+1
3
+1
26
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සභාපති වූ ඉරාන් ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ..අපි ආවේ දේශපාලනයක් කරන්න නෙවෙයි
03:26
Video thumbnail
උමන්දාවේ අලුත්ම වැඩේ බලන්න ගිය හිටපු ජනපති මහින්ද.."පවතින රජයෙන් කිසිම සහයක් අපිට නැහැ"
03:59
Video thumbnail
සජිත්ගේ බිරිඳ ජලනි සජබ මැයි රැළිය ගැන පූර්ණ අධීක්ෂණයක් කරන හැටි..විපක්ෂ නායක ගැම්මට එන හැටි
02:33
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04
Video thumbnail
ආණ්ඩුව බැලුවේ පාලු ගෙදර වළං බිඳින්න..චාමර සම්පත් ගැම්මට කිව්ව කතාව
02:28
Video thumbnail
රට හොරුන්ට බාරදීපු තත්ත්වය හෙළිකරනවා හෙට..දැවැන්ත මැයි රැලිය හෙට l Ajith Perera
01:36
Video thumbnail
කුඩා දරුවෙකු හා කතක් රෝහල් ගත කළ බස් රථ අනතුර
00:25
Video thumbnail
ඉරාන් ඇතුළු සෙට් එක වැඩ භාරගන්න පැමිණෙන අයුරු
01:27