සැලුන් යන්න එපා කිව්වාට බිරිඳ සියදිවි නසාගෙන

සිය සැමියා විසින් රූපලාවන්‍යාගාරයකට යෑම වැළැක්වීම හේතුවෙන් ඊට කෝපයට පත් වූ බිරිඳක් සියදිවි හානිකරගත් පුවතක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

34 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් පසුගිය දා (27) සිය නිවසේ සිවිලිම් විදුලි පංකාවක එල්ලී ගෙළ වැළලාගෙන මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අදාළ කාන්තාව රූපලාවන්‍යාගාරයය යෑම වැළැක්වීමට සැමියා කටයුතු කිරීමත් සමඟ ඇය විසින් මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කළේ මොවුන් දෙදෙනා විවාහ වී වසර 15ක් පමණ කාලයක් ගතවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?