චීනයට ගිය ශ්‍රී ලංකාවේ නිවුන්නු

චීන ජාත්‍යන්තර ” නිවුන් ” මහා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා නිවුන් තරුණ තරුණියන් සිව් දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකු චීනයේ කුංමිං බලා පිටත්ව ගොස් තිබෙනවා.

චීන ජාත්‍යන්තර ” නිවුන් ” මහා සමුළුව අද දින සිට ලබන මැයි මස 03 වනදා දක්වා චීනයේ කුංමිං නුවර පැවැත්වීමට නියමිතයි.

රටවල් 54ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට පළමු වරට සහභාගී වීම සඳහායි ඊයේ රාත්‍රී ඔවුන් මෙලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිටත්ව ගොස් ඇත්තේ.

පානදුර ශාන්ත ජෝන් ජාතික පාසැලේ උසස් පෙළ කළා විෂය ධාරාවෙන් හදාරන 17 හැවිරිදි ජානිය බෝසර සහ ජීනුක බෝජිත මෙලස පිටත්ව ගිය සිසුන් දෙදෙනායි.

මීට අමතරව රත්නපුර ධර්මපාල මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි උමේෂි කාවින්ද්‍ය සහ උමාෂි කාවින්ද්‍යා සිසුවියන් දෙදෙනා වනවා.

ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ සභාපතිනී උපුලී ගමගේ මහත්මිය සහ මෙම චාරිකාවේ සංවිධායක මේජර් මහින්ද හෙට්ටිආරච්චි ද මෙම සමුළුවට සහභාගී වීම වෙනුවෙන් පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

මෙම තරුණ පිරිස ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික උඩරට සහ පහතරට නැටුම් කීපයක් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ තුළින් ජාත්‍යන්තර අවධානය ශ්‍රී ලංකාව වෙත දිනා ගැනීමට අපේක්ෂිතයි.

ඔවුන් ඊයේ රාත්‍රී 11.30 ට චීනයේ කුංමිං බලා චයිනා ඊස්ටන් ගුවන් සේවයේ MU- 714 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46