චීන සමාගම්වල වගකීම් විරහිත ක්‍රියා හේතුවෙන් පාකිස්ථානුවන් තවත් අර්බුදයක

පකිස්ථානයේ ලාහෝර් නුවර ක්‍රියාත්මක ඔරේන්ජ් ලයින් මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

ඒ එම ව්‍යාපෘතිය හේතුවෙන් පාකිස්ථානය චීන ග්‍රහණයට ලක්ව ඇති බවට බොහෝ දෙනා චෝදනා කිරීමත් සමගයි.
චීන සමාගමට හිමි වගකීම නිසි පරිදි ඉටු නොවීම හේතුවෙන් ඔරේන්ජ්  ලයින් මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය කළමනාකරණය කරන පාකිස්ථාන නියෝජිතායතන ගැටළු රැසකට මුහුණ දී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ව්‍යාපෘතිය පාකිස්ථානය තුළ  බොහෝ  විවේචනයට ලක්ව තිබෙනවා.

විරුද්ධ පක්ෂ තර්ක කරන්නේ ව්‍යාපෘතිය සඳහා ඇති අධික ණය සහ  අඛණ්ඩව අපේක්ෂා කරන රාජ්‍ය  සහයෝගය නිසා දිළිඳු   ජනතාවට ලැබීමට ඇති  සුබසාධන ප්‍රතිලාභ අහිමි කරන බවයි.

මෙට්‍රෝ මාර්ගය තුළ එළිමහන් ගිනි නිවන උපකරණ සවි කිරීමේ  දෝෂ ඇති බවට  පැමිණිලි ද ලැබී තිබූ අතර එය පැහැදිලිවම සැලසුම් දෝෂයක් බවට හෙළිදරව් වී තිබෙනවා.

මේ හේතුවෙන් වාහන කිහිපයක් ගිනි නිවන ද්‍රව්‍යවල ගැටී ඇති අතර එමඟින් ජනතාවට සිදු වූ තුවාල මෙන්ම වාහන අලාභහානි සම්බන්ධයෙන් ද වාර්තා වී ඇති බව සඳහන්.

මෙ⁣ම  ගැටලුව විසඳීම සඳහා මෙට්‍රෝ දුම්රිය ස්ථානවල ගිනි නිවන උපකරණ නැවත ස්ථානගත කිරීමට නව සැලැස්මක් යෝජනා කරන ලෙසයි පාකිස්ථාන බලධාරීන්  ඉල්ලා ඇත්තේ.

මෙට්‍රෝ මාර්ගයේ සුමට ක්‍රියාකාරිත්වයට බලපාන තවත් නොනවතින ගැටළුවක් වන්නේ ජලය කාන්දු වීම සහ ජලය බැස යාමයි.

ව්‍යාපෘතිය වසර තුනක් පවත්වාගෙන ගියද කාණු පද්ධති නිසියාකාරව ක්‍රියාත්මක වී නැහැ.

එහි නඩත්තු කටයුතු කරන ඉංජිනේරු ආයතනය වන පාකිස්ථාන පුද්ගලික සමාගම මෙම ගැටලුව සම්බන්ධයෙන් චීන සමාගම් වෙත කිහිප වතාවක්ම පැමිණිලි කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත්  වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43