සංගක්කාරගේ වාර්තාව කුසල් මෙන්ඩිස් බිඳ දමයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කුසල් මෙන්ඩිස් අද වාර්තා පොත් අතරට එක් වුණා.

ඒ මෙතෙක් ටෙස්ට් ඉනිමකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාව වාර්තා කිරීමට ඔහු සමත්වීමත් සමගයි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ කුමාර් සංගක්කාරයි. බංග්ලාදේශය සමග 2014 වසරේ දී පැවති ටෙස්ට් තරගයේදී කුමාර් සංගක්කාර හයේ පහරවල් 8ක් එල්ල කරමින් එම වාර්තාව තබා තිබුණා.

අද තරගයේදී කුසල් මෙන්ඩිස් හයේ පහරවල් 11ක් එල්ල කරමින් එම වාර්තාව තමන් සතුකර ගත්තා.

කුසල් මෙන්ඩිස් දැවී යන විට ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 245ක්. පන්දු 291කින් ලබාගත් එම ලකුණු 245ට හතරේ පහර 18ක් සහ හයේ පහර 11ක් ඇතුලත් වුණා.

කුසල් මෙන්ඩිස් අද ලබා ගත්තේ සිය මංගල ද්විත්ව ශතකයයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 650ක් ලබා සිටිනවා.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 59ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 13ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.

ශ්‍රී ලංකා ඉනිමේදී නිශාන් මදුෂංක ලකුණු 205ක් සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 115ක් ලබා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35