AFC Banner
Empty Ad
Empty Ad

බුද්ධ ප්‍රතිමාව ඉවත් කරයි

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳු දෙව් මැදුර පිහිටි ස්ථානයේ ඉදිකරන ලද බුද්ධ ප්‍රතිමාව ඉවත් කර ඇති බවට විශ්වාස කටයුතු ආරංචිමාර්ග දැනුම් දුන් බව යාපනය රදගුරු මැදුර පවසනවා.

යාපනය රදගුරු මන්දිරයේ දේවගැති පී. ජේ. ජෙපරත්නම් පියතුමා විසින් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාවේ උසස් නිලධාරීන් රදගුරු මන්දිරයට දැනුම් දී ඇති අතර එහි ඉදිකර තිබූ බුද්ධ ප්‍රතිමාව ඉවත් කර වෙනත් ප්‍රදේශයට රැගෙන ගිය බවයි.

කච්චතිව්හි බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපිත කර ඇති බවත් මේ පිළිබඳව අවධානය යොමු කර කච්චත්ව්හි උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කිරීමට වගබලා ගන්නා ලෙසත් ඉල්ලා යාපනය රදගුරු මන්දිරයේ දේවගැති පී. ජේ. ජෙපරත්නම් පියතුමා විසින් පසුගිය මාර්තු 27 වැනිදා ලිපියක්ද යොමු කර තිබෙනවා.

අප කළ විමසීමකදී ද පියතුමා මේ බව තහවුරු කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?