ගම්මාන රැසකට වන අලි තර්ජන

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ රිටිගල වනජීවී කලාපයට අයත් අංක186 හා 188 යකල්ල හා මිගහපට්ටිය තුලාන ඇතුළුඋල්පත්පාර,උඩකල්ලාගම පුබුදුගම්මානය , ඉලිප්පුකන්නිය, හා ඒ අවට ඇති,මානන්කට්ටිය,දුම්බුලුයාය ඇතුළු ගම්මාන රැසකට වන අලි තර්ජනය එල්ලවීම හේතුවෙන් ගොවි ජනතාව දැඩි පිඩාවකට පත්ව තිබෙනවා.

වසර කිහිපයක සිට හුරුලුවැව් රක්ෂිත ,හබරණ රක්ෂිතය දෙසින් ගම්වදින වන අලි හේතුවෙන් කිසිදු වගවක් කර ගත නොහැකි තරමටම ජනතාව දැඩි පිඩාවකට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

රාත්‍රී කාලයේ හුරුළුවැව් රක්ෂිතයේ සිට පැමිණි වන අලි පොල්,අඹ,කොස් වැනි ස්ථිර වගාවන් හා වී ඇතුළු ගොඩබෝග වගා රැසක් විනාශ කරන බවත් සදහන්.

ඊයේ (26) දින රාත්‍රී කාලයේ අංක 186 යකල්ල ග්‍රාමසේවා තුලානේ පුබුදුගම්මානයට කඩා වැදුණු වන අලි රැනක් ගම්මානයේ අක්කර ගණනාවක් වසර 10 කට ආසන්න කාලයක් වැඩුණු පොල්,අඹ,කොස් හා වෙනත් බෝග සහමුලින්ම වීනාශ කර තිබෙනවා.

ගොවින් පවසා සිටින්නේ මිට පෙර ද අවස්ථා කිහිපයක මෙලෙසම තම හේන් හා ගෙවතු වන අලි විනාශ කර දැමුවද රජයේ අදාල අංශ දැනුවත් කලද ඒ සදහා කිසිදු පිළිසරණක් නොලැබුණු බවයි.

මේ අතර ගම්මානයේ පුරා පොල්,අඹ,කොස් ඇතුළු ස්ථීර බෝග මෙන්ම තවත් බෝග ‍රැසක් මෙම වන අලින් විසින් විනාශ කර දමා තිබෙන බවත් පැවසුවා.

මෙම ගම්මානයේ ජිවිත දේපල වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට ගම හා රක්ෂිත ප්‍රදේශ වෙන් වෙන පරිදි විදුලි වැටක අවශ්‍යතාව පිළිබඳ අවස්ථා ගණනාවක සිට බලධාරීන්ට ලිඛිතව හා වාචිකව දැනුවත් කලද මේ දක්වා එයට කිසිදු විසඳුමක් නොලද බව පවසන මෙහි වෙසෙන ගොවි ජනතාව වසර ගණනාවක සිට තට්ටු මාරු ක්‍රමයට පැමිණි රජයන් වෙත චෝදනා එල්ල කරනවා.

වසර කිහිපයකට පෙර රජ්‍ය මැදිහත්වීමෙන් ඒරැවැව සිට හුරුළුවැව මැදගල කන්ද දක්වා විදුලි වැටක් ඉදී කිරිම ආරම්භ කලද ,අලි වැට තැනීම සදහා අවශ්‍ය උපකරණ ගෙන මොරගොඩ වනජිවි කාර්යාලයේ ගොඩගසා තිබුනද, ඒය මොනයම් හො බලපෑමක් හේතුවෙන් අතර මග නවතා ඇති බව ගම්වාසින් සදහන් කරයි.

අත කන කර උකසට තබා රජය හා රාජය නොවන මුල්‍ය අයතන මගින් උගසට හෝ ණයට මුදල් ගෙන ⁣වගාව සිදු කරන්නේ ප්‍රධාන ආදායම් මාර්ගය මෙය වීමත් වෙනත් කිසිවක් කිරිමට නොමැති කමට බව ගොවින් පෙන්වා දෙන අතර වෙළෙඳ පොල තුල කෘෂි රසායනික යහමින් නොමැති පසු බීමක් තුල අධික මුදල් යොදවමින් අව්ව වැස්ස නොතකා රැයක් දහවලක් නොමැතිව දරන වෙහෙසෙහි ප්‍රථිපල නොමැති තරමට වන අලි මෙම ජිවිත අවධානය හෙලා ඇත්තේ වනජිවි නිළධාරීන් ඇතුලු බලධාරීන් නිහඬව සිටිම බව ගම්මානයේ සෑම තැනකම පුද්ගලිකව ඇද අති විදුලි වැටවල්වලින් තහවුරු වන බවයි අප වාර්තාකරැ පැවසුවේ.

තවදුරටත් ගම්වාසින්ගේ ඉල්ලීම වන්නේ , රජයේ මැදිහත්වීම තුලින් ගම්මානය වටා ආරක්ෂා වන පරිදි විදුලි වැටක් ඉදි කර දෙන ලෙසත් සිදුවු වගා හානී පිළිබද සොයා බලා වගා හානි පුර්ණ කරගැනීම වෙනුවෙන් වන්දි මුදලක් ලබා දෙන ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31