AFC Banner
Empty Ad
Empty Ad

කටුනායකින් ගුවන් ගත වූ යානයක් යළි හදිසියේ ගොඩබස්වයි

ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් පැයකට අධික ගුවන් ගමනකින් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (21) රාත්‍රියේ යළි ගොඩබස්සවා තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 225 දරන යානය ඊයේ (21) පස්වරු 06.27ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.

යානය කටුනායකින් ගුවන් ගත වී පැය 01 විනාඩි 06 කට පසු, ගුවන් යානය තුළ වායු පීඩනය අඩු වීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රාත්‍රී 07.33ට පමණ යළි ගොඩ බැස්සවීමටයි නියමුවන් කටයුතු කර ඇත්තේ.

එම අවස්ථාවේ මෙම ගුවන් යානය තුළ මගීන් 256 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 14 දෙනෙකු ගමන්කරමින් සිට ඇති බවයි වාර්තා වුණේ.

පසුව ගුවන් යානයේ සිටි මගීන් ගුවන් තොටුපළ අසළ ඇති හෝටල් වෙත යොමු කිරීමට කටයුතු කර ඇති අතර, යානය මේ වනවිට අවශ්‍ය කාර්මික නඩත්තු කටයුතු සිදුකරමින් පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.

කාර්මික දෝෂයට ලක්වූ ගුවන් යානය වෙනුවට, ඒ-330 එයා බස් වර්ගයේ වෙනත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යොදවා අදාළ මගීන් පිරිස අද (22) පෙරවරු 11.33ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත් කර හැරීමට පියවර ගෙන තිබුණා.

කාර්මික දෝෂයට ලක්වූ ගුවන් යානයේ අවශ්‍ය කාර්මික නඩත්තු කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?