කටුනායකින් ගුවන් ගත වූ යානයක් යළි හදිසියේ ගොඩබස්වයි

ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් පැයකට අධික ගුවන් ගමනකින් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (21) රාත්‍රියේ යළි ගොඩබස්සවා තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 225 දරන යානය ඊයේ (21) පස්වරු 06.27ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.

යානය කටුනායකින් ගුවන් ගත වී පැය 01 විනාඩි 06 කට පසු, ගුවන් යානය තුළ වායු පීඩනය අඩු වීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රාත්‍රී 07.33ට පමණ යළි ගොඩ බැස්සවීමටයි නියමුවන් කටයුතු කර ඇත්තේ.

එම අවස්ථාවේ මෙම ගුවන් යානය තුළ මගීන් 256 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 14 දෙනෙකු ගමන්කරමින් සිට ඇති බවයි වාර්තා වුණේ.

පසුව ගුවන් යානයේ සිටි මගීන් ගුවන් තොටුපළ අසළ ඇති හෝටල් වෙත යොමු කිරීමට කටයුතු කර ඇති අතර, යානය මේ වනවිට අවශ්‍ය කාර්මික නඩත්තු කටයුතු සිදුකරමින් පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.

කාර්මික දෝෂයට ලක්වූ ගුවන් යානය වෙනුවට, ඒ-330 එයා බස් වර්ගයේ වෙනත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යොදවා අදාළ මගීන් පිරිස අද (22) පෙරවරු 11.33ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත් කර හැරීමට පියවර ගෙන තිබුණා.

කාර්මික දෝෂයට ලක්වූ ගුවන් යානයේ අවශ්‍ය කාර්මික නඩත්තු කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක් - වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25
Video thumbnail
"මහින්දගේ රත්තරං පිළිමයක් හදන්න ඕනි"නාමල් කිලෝමීටරයක් දකින කෙනෙක් නෙවෙයි
16:57
Video thumbnail
🔴Breaking News
03:05
Video thumbnail
මම දේශපාලනයෙන් අයින් වෙන්නම් - සුජීව ජනපතිට අභියෝග කරයි
11:48
Video thumbnail
වේල්ස් කුමරි විදුහල අසළ මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය - වේගය පාලනය කරගන්න බැරිව ගිහින්
00:44