මීගමුවේ විරෝධතාවක් ගැන පොලිසියෙන් දැනුම් දීමක්

2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයට වසර 4ක් ගතවීම නිමිත්තෙන් මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ සිට කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා විරෝධතා පාගමනක් පැවැත්වීම වළක්වාලමින් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ඇති බවට පළවන සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

ඊයේ (20) රාත්‍රියේ සිට අද (21) අලුයම දක්වා සැලසුම් කර තිබූ විරෝධතා පා ගමන සම්බන්ධයෙන් අධිකරණයෙන් එවැනි ඉල්ලීමක් කර නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය ප්‍රකාශ කළේ.

පොලිසිය පැවසුවේ අද (21) සවස මීගමුව තෙල්වත්ත හන්දියේ සිට මීගමුව නගරය දක්වා විරෝධතා පාගමනක් සහ ජන රැළියක් පැවැත්වීමට සංවිධානාත්මක පිරිසක් උත්සහ කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙම ජන රැළිය හේතුවෙන් මහජනතාව දැඩි අපහසුතාවට පත්වන බවත්, පොදු දේපළවලට හානි සිදුවීමේ අවදානමක් පවතින බවත් පෙන්වා දෙන පොලිසිය, විරෝධතාව සහ ජන රැළිය පොදු භූමියක හෝ සුදුසු ස්ථානයක පවත්වන ලෙස ඉල්ලීමක් කරන බව ද ප්‍රකාශ කළා.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබුණේ එම විරෝධතාවයේ සහ රැළියේදී නීති උල්ලංඝණය කිරීමකදී නීතියට අනුව අවශ්‍ය පියවර ගැනීමට පොලිසියට අවසර ලබාදෙමින්.

ඉදිරි ප්‍රගතිය සමගින් ලබන 24 වනදා නඩුව නැවත කැඳවීමට නියම කර ඇති බවයි බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සඳහන් කර ඇත්තේ.

Easter protest Police
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43