IMF ගැන විවාදයට දින නියම වෙයි

ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය ලබන 26, 27 සහ 28 ‍තෙදින විවාදයට ගැනීමට අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී යි මෙම තීරණය ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩිනම් ප්‍රගතියක් ලබා ගැනීම සඳහා සහ වර්තමාන සහ අනාගත පරම්පරාවට ප්‍රයෝජනවත් වන තිරසර ආර්ථික වර්ධනයක් සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹි ඇමරිකානු ඩොලර් බිලියන 3ක පමණ මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකමට අදාළ සැකසුම 2023 මාර්තු 22 දින සභාගත කරනු ලැබුවා.

එම සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලුම අනුමැතිය, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට ලබාදිය යුතු යැයි මෙම යෝජනාවෙන් ඉදිරිපත් කෙරෙන අතර තෙදින විවාදයෙන් අනතුරුව අවශ්‍යනම් ඡන්ද විමසීමක් ද පැවැත්වීම සිදු වනු ඇති.

පාර්ලිමේන්තුව ලබන 25 සිට 28 දක්වා රැස්වීමට නියමිත අතර මෙම සෑම දිනකම පෙරවරු 9.30 – පෙරවරු 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන් කර ඇත්තේ.

මේ අනුව අප්‍රේල් 25 වැනි අඟහරුවාදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ 2023 ජනවාරි 30 දිනැති අංක 2317/28 ගැසට් පත්‍රයේ පළ කළ නියමය විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ‍පස්වරු 5.00 සිට 5.30 දක්වා රජය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීම සිදු වනු ඇති.

අප්‍රේල් 26 වැනිදා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් 2023.04.17 දිනැති, අංක 2328/02 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියමය විවාද කිරීමකින් තොරව අනුමත කරගැනීමටයි මෙහිදී එකඟත්වය පළ වී ඇත්තේ.

අනතුරුව පස්වරු 5.00 දක්වා ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය විවාදයට ගැනීම සිදු වනවා.

ඉන්පසු රජයේ විවිධ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව ඉදිරිපත්කර තිබූ යෝජනා 13 ක් අනුමතිය සදහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

තවද පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත් වන කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ) සහ ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වය දෙවනවර කියවීම සදහා ඉදිරිපත් කිරීමටද මෙහිදී එකගත්වය පළවී තිබෙනවා.

අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහායි කාලය වෙන්කර ඇත්තේ.

අප්‍රේල් 27 සහ 28 දෙදින පෙරවරු 10.30 – ‍පස්වරු 5.00 දක්වා පිළිවෙලින් දෙවැනි හා තෙවැනි දිනටත් ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සදහා වූ යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතයි.

අප්‍රේල් 27 වැනිදා පස්වරු 5.00 සිට 5.30 දක්වා, විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත් වෙනු ඇති.

අප්‍රෙල් 28 වැනිදා පැවැත්වෙන විවාදයෙන් අනතුරුව දේශිය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයකින් තොරව අනුමත කරගැනීමට මෙහිදී එකඟත්වය පළව තිබෙනවා.

ඉන්පසු පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහායි කාලය වෙන්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51