දිමුත්ගේ නායකත්වයෙන් තරග වඳින අවසන් ටෙස්ට් තරගාවලිය අද ඇරඹෙයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (16) ආරම්භ වනවා.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ක්‍රිකට් ඉතිහාසය තුළ දෙපිළම ටෙස්ට් තරගාවලියක් සඳහා එකිනෙකා මුණ ගැසෙන්නේ පළමු වතාවටයි.

ඒ, අනුව මෙම ඉතිහාසගත තරගය අද (16) පෙරවරුවේ ආරම්භ වන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

අද ආරම්භවන ශ්‍රී ලංකා අයර්ලන්ත ටෙස්ට් තරගාවලිය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව සලසාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කටයුතු කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකත්වක ලබාදෙන අවසන් ටෙස්ට් තරගාවලිය ද මෙයවීම විශේෂත්වයක්.

අද ආරම්භවන පළමු ටෙස්ට් තරගය සඳහා පිත්කරුවන් 07 දෙනෙකු සහ පන්දුයවන්නන් සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ක්‍රීඩා කරනු ඇති බවයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16