අවුරුද්ද සමරන්න වෙරළට පැමිණි පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේදී මියයයි

අළුත් අවුරුද්ද වෙනුවෙන් පානදුර වෙරලට පැමිණ රළ පහරට හසුව ගසාගෙන යමින් සිටීයදී පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් විසින් බේරාගත් පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (14) රාත්‍රි මියගොස් ඇතැයි පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .

මෙසේ මියගොස් ඇත්තේ පානදුර වලාන ප්‍රදේශයේ පදිංචි ආනන්ද ප්‍රනාන්දු නමැති පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් බව පොලිසිය පවසයි.

පානදුර සංචාරක හෝටලයක් ඉදිරිපිටදී 13 දා පුද්ගලයකු රළ පහරට හසුව ගසාගෙන යමින් සිටින බවට ලද තොරතුරක් මත ජීවිත ආරක්ෂක ඒකකය භාර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතාගේ ක්ෂණික උපදෙස් මත උප පොලිස් පරීක්ෂක එම් නිමල්සිරි ඇතුළු නිළධාරීන් විසින් බේරාගෙන දැඩි ලෙස වතුර පෙවී සිටී බැවින් මූලික ප්‍රථමාධාර ලබාදීමෙන් පසු 1990 සුවසැරියෙන් පානදුර මූලික රෝහලට යොමුකර තිබේ.

ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් දැඩි සත්කාර ඒකකයට යොමුකර සිටී බවත් අසාධ්‍ය තත්වයේ පසුවූ ඔහු ඊයේ රාත්‍රි මියගිය බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18