ඉන්දිය හෝ චීන ජාතිකයන් පිලිබඳ අලුත්ම වාර්තාවක්

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව ඉන්දියාව, චීනය අභිබවා ලොව ජනාකීර්ණම රට බවට පත්වීමට සුදානමින් සිටි.1950 දී මිලියන 350 ක ජනගහනයක් සිටි ඉන්දියාවේ ජනගහනය අද වන විට බිලියන 1.43 ක් දක්වා හතර ගුණයකට වඩා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

2021 දී බිලියන 1.42 දක්වා ඉහළ ගිය චීනයේ ජනගහනය මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවති.ඉන්දියාවේ සහ චීනයේ ඒකාබද්ධ ජනගහනය බිලියන 2.8 ක් පමණ වේ.

ඒ අනුව ලෝකයේ සෑම පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් එක් අයෙක්ම චීනයේ හෝ ඉන්දියාවේ පුද්ගලයෙක් වනවා.2011 වසර වන විට ඉන්දියාවේ මිලියනය ඉක්මවූ ජනගහනයක් සහිත නගර 27ක් තිබුණු අතර, අද වන විට එම සංඛ්‍යාව ඇස්තමේන්තුවලට අනුව 50කට ආසන්න වී ඇති බව සඳහන්.

ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය නවදිල්ලි අගනුවර වන අතර එහි මිලියන 30 ක පමණ ජනතාවක් සිටිනවා.

එය රටක් වූයේ නම්, එය මැලේසියාව, ඝානාව සහ මොසැම්බික්වලට පසුව ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත 50 වැනි රට වනු ඇති.

ඉන්දියාවේ දෙවන වැඩිම ජනගහනය සහිත නගරය සහ රටේ කාර්යබහුලම වරාය නගරය වන මුම්බායි නගරයේ මිලියන 20 ක පමණ ජනතාවක් වාසය කරනවා.

ඉන්දියාවේ නැගෙනහිර කොටසේ බංගලාදේශ දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති කොල්කටාහි මිලියන 15 ක ජනගහනයක් ජීවත්ව සිටින බවද සඳහන්.

බැංගලෝර් ජනගහනය මිලියන 12 ක් පමණ වනවා.

චීනයේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන්නේ මිලියන 27 ක ජනගහනයක් සිටින ෂැංහයි වන අතර, මිලියන 20 ක් සිටින බීජිං සහ මිලියන 16 ක් සිටින චොංකිං නගර අනුපිළිවෙලින් දැක්විය හැකියි.

ෂැංහයි රටක් වූයේ නම්, ඕස්ට්‍රේලියාව, කැමරූන්, වෙනිසියුලාව හෝ සමස්ත එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ වැසියන්ට සමාන සංඛ්‍යාවක් එහි සිටින බව සඳහන්.

බීජිං නගරයේ ජනගහනය, මලාවි, රුමේනියාව, ශ්‍රී ලංකාව හෝ එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වැසියන් සංඛ්‍යාවට සමාන වනවා.

මේ අතර, 1960 න් පසු පළමු වතාවට චීනයේ මරණ සංඛ්‍යාව, උපත් සංඛ්‍යාව ඉක්මවා ඇති බව සඳහන්.

බීජිං ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, 2022 දී උපත් සංඛ්‍යාව මිලියන 9.56 ක් වූ අතර මරණ මිලියන 10.41 වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මර්වින් සිල්වා දැන් ඉන්න හැටි කොහොමද? - "අවුරුදු 12කට කළින් කේස් එකකට ආවේ"මා පුතා කොහොමද ?"
01:33
Video thumbnail
"පිළියන්දල OICගේ මාමා මම..මම මොකටද පොලිසි යන්නේ"මිනිස්සු හ#පන්න ගිහින් තග දැම්ම අන්කල්
02:24
Video thumbnail
දෙයියන්ගේ හාල් කැවිලා මෙයාලට - කැමරාවක් දකිනකොට කට්ටියට මළ පනිනවා
04:03
Video thumbnail
වැඩ අරඹපු ගමන් නව අධ්‍යක්ෂ ජනරාල් කිව්ව සැර කතාව - "කල්ලිවලට බෙදුණු නිසා දැන් අපි පස්සට ගිහින්"
06:44
Video thumbnail
A/L සිසුන්ට සිදුකළ මාස තුනක කප්පාදුවට විරුද්ධව UN සංවිධානයට පැමිණිල්ලක් දෙයි
01:49
Video thumbnail
මැදිරිගිරියේ ගොවින් ලාල්කාන්තගේ මළගම අරන් යයි - අපේ ලාලා මඩ කාලා මැ#ණා - දානේ හොරා
05:03
Video thumbnail
අධිකරණය ගැන ජනපතිට විශ්වාසයක් නැද්ද ?කිසිම රාජ්‍ය නායකයෙක් මෙච්චර බලපෑම් කළේ නෑ
06:41
Video thumbnail
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට - BREAKING NEWS
01:00
Video thumbnail
🔴Breaking News
01:20
Video thumbnail
තණමල්විල නිවසකට අලි කඩා පැනලා කරපු විනාශය - තාප්පයක් කඩාගෙන වී ටිකත් කාලා
01:52