ආහාර පිසීමේ නැකත උදාවෙයි

අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අද 3.29ට උදා වුණා.

අපරභාග 3.29ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක් ද තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි යනුවෙනුයි නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ.

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද අපරභාග 02.59 ට උදා වුණා.

මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව පුණ්‍ය කාලය උදා වුණේ අද උදෑසන 08.35ට යි. අද රාත්‍රී 09.23 ට පුණ්‍ය කාලය නිමාවට පත් වන බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.

මෙවර අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අපරභාග 05.05 ටයි. විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගණුදෙනු කර, ආහාර අනුභවය මැනවි” යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන් වනවා.

අප්‍රේල් 16 වන ඉරිදා පූර්ව භාග 09.41 ටමෙවර අළුත් අවුරුද්දේ නැකත් වාරිත්‍රවලට අනුව හිස තෙල්ගෑමේ නැකත යෙදී තිබෙනවා. “රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද, පයට නුග පත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි” යනුවෙනුයි නැකැත් සීට්ටුවේ සඳහන් වී ඇත්තේ.

රැකීරක්ෂා සඳහා පිටත්වීමේ නැකත අප්‍රේල් 17 වන සඳුදා පූර්ව භාග 06.28 ට යෙදී තිබෙනවා. ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්වීම මැනවි යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන්.

මෙවර නැකැත් සීට්ටුවට පැළ සිටුවීමේ නැකතක් ද ඇතුලත්ව තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 20 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 06.38ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම සුදුසු යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34